වැලිගමදී පොලිස් සැරයන්ට දිවි අහිමි කළ වෙඩිල්ල තැබූ පොලිස් ජිප් රිය ගැන කරුණු හෙළිවෙයි

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම පැලෑන වටරවුම ආසන්නයේ හෝටලයක් අසලදී පොලිස් සැරයන්වරයෙකුට මරු කැඳවමින් අද (31) අලුයම සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ වැලිගම පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන ජංගම පොලිස් රථයේ සිටි පොලිස් නිලධාරින් හා යුධ හමුදා නිලධාරීන් විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවටයි.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුයේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට අනුයක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.

වෙඩි ප්‍රහාරයෙන් තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මේ දිනවල සිදු කෙරෙන යුක්තිය මෙහෙයුමට අදාළව වැලිගම පොලිස් ස්ථානයේ ජංගම මුර සංචාරක රථය අද අලුයම 2.30ට පමණ මිරිස්ස ප්‍රදේශ⁣යේ සිට වැලිගම ප්‍රදේශයට ගමන් කරමින් තිබී ඇතැයි සඳහන්.

එවිට වෑන් රථයකින් පැමිණි පිරිසක් පැලෑන වටරවුම අසල හෝටලයක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදු කරන ආකාරය දැක වැලිගම පොලිස් ජංගම මුර සංචාරක රථයේ සිටි යුද හමුදා නිලධාරීන් විසින් වෑන් රථය දෙසට වෙඩි තබා තිබෙනවා.

එහිදී වෑන් රථයේ පැමිණි පිරිස පළා ගොස් තිබූ බවට සඳහන්.

අනතුරුව එම වෑන් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුම අසලදී නතර කර එහි සිටි පිරිස පවසා ඇත්තේ තමන්ට වෙඩි වැදුණු බවත් වෙඩි වැදුණු පිරිස රෝහල් ගත කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.

අනතුරුව ඒ සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි නිලධාරින් වැලිගම පොලිසිය දැනුවත් කිරිමෙන් අනතුරුව 1990 ගිලන් රථයෙන් තුවාලකරුවන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අනතුරුව එම වෑන් රථය වැලිගම පොලිස් භාරයට ගෙන තිබූ අතර සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම වෑන් රථයේ ගමන් කර ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුකත්ව සේවය කළ පොලිස් නිලධාරින් 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් බවයි.

එම නිලධාරීන් අද අලුයම පිරිස වැලිගම නගරයේ සෝදිසි මෙහෙයුමක නිරතව සිටියදී පාතාල සාමාජිකයකු පැලෑන වටරවුම අසල පිහිටි හෝටලයක් අසලදී අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට වෙඩි තබා තිබෙනවා.

දෙපිරිස අතර සිදු වූ වෙඩි හුවමාරුව අතරතුරදීයි මිරිස්ස සිට වැලිගම දෙසට පැමිණි පොලිස් ජංගම රථය එම වෙඩි තැබීම දැක වෙඩි තැබීම සිදුවන වෑන් රථය දෙසට වෙඩි තැබිමට පියවර ගෙන තිබුණේ.

වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූයේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 47ක් වයසැති දෙදරු පියෙක් වූ සැරයන්වරයෙක්.

තවත් එක් අයෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18