රබර් බවට හඟවා වාහන ගෙන්වා කළ ජාවාරම (වීඩියෝ)

රජයට ලැබිය යුතු රුපියල් බිලියන 05ක පමණ බදු ආදායමක් අහිමිකරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුලත් කර දීර්ඝ කාලයක පටන් සිදුකරගෙන මහා පරිමාන වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරමේ තවත් තොරතුරු රැසක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ නිලධාරීන් අනාවරණය කරගෙන
තිබෙනවා.

ඒ් අනුව ව්‍යාජව ලියාපදිංචි කර ඇති තවත් වාහන 04ක් හදුනාගෙන වංචා කර ඇති බදු මුදල් අය කර ගැනීම සදහා ශ්‍රී ලංකා රේගුව වෙත බාරදීමටයි අල්ලස් කොමිසමේ නිලධාරීන් පියවර ගෙන ඇත්තේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුලත් කර රජයට රුපියල් බිලියන 05ක පමණ බදු ආදායමක් අහිමිකරමින් දිගු කලක පටන් සිදුකරගෙන ගිය මහා පරිමාන වංචාව හෙළි වන්නේ සීග්‍රා වර්ගයේ සුක්කානම සහිත ත්‍රීරෝද රථයක අංකයකට මිනි කූපර් රථය ලියාපදිංචි කළ බව හෙළිවීමත් සමගයි.

මුල් ලේඛණ විනාශ කරමින් ඉතා සුක්ෂම අයුරින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩසටහන් සම්පාදක ඇතුළු පිරිසක් විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත් බාධා රැසක් මැද මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒ්කකයේ නිලධාරින් නීති අංශ නිලධාරීන්ගේ සහයෙන් ව්‍යාජව වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරමට සම්බන්ධ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 05 දෙනෙකු ඇතුළු සැකකරුවන් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණයේදී අධි චෝදනා 60ක් යටතේ නඩු පැවරීමට කටයුතු කළා.

කෙසේ වෙතත් මෙම විමර්ශනවලට විරෝධය පළ කරමින්, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ විමර්ශන ඇතුළු තවත් නිලධාරීන් 15 දෙනෙකු වගඋත්තරකරුවන්කරමින් රිට් පෙත්සමක් ගොනුකර තිබු අතර 2023 නොවැම්බර් 29 වෙනි දින විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම මිනි කූපර් රථය ව්‍යාජ ලියාපදිංචියෙන් රජයට රුපියල් ලක්ෂ 25 කට අධික මුදලක් වංචා කර තිබු අතර ජී.එෆ් 8409 දරන අංකය යටතේ ලියාපදිංචි කර තිබු මෙම රථයෙන් රුපියල් මිලියන 40 ක පමණ බදු මුදලක් රජයට අහිමි කර තිබුනා.

මෙම රථය 2001 වර්ෂයේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පසුව 2001 වර්ෂයේ ලියාපදිංචි කර තිබු රථයේ දත්ත ඉවත් කර 2022 වර්ෂයේ ලෑන්ඩ් කූෂර් වර්ගයේ ජීප් රථයක දත්ත කූට ලෙස ඇතුලත් කර ලියාපදිංචි කර ඇති බව හෙළි කර ගැනීමට හැකි වුණා.

2001 වර්ෂයේ මෙරටට ආනයනය කර තිබු රථය පිළිබඳ කළ විමර්ශනයේදී මෙම රථය යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය වෙත ආනයනය කළ රථයක් බවට තොරතුරු හෙළිව තිබෙනවා.

ඔවුන් විසින් වසර කිහිපයක් භාවිතා කිරීමෙන් පසුව රථය ඉවත් කර ඇති බව විමර්ශන නිලධාරීන් තහවුරු කර ගත්තා.

ඒ් අනුව ඒකී රථයේ තොරතුරු පරිගණක පද්ධතියෙන් මකා දමා දැනට භාවිතා කරනු ලබන මෙම අංකයෙන් ලෑන්ඩ් කූෂර් ජීප් රථයේ තොරතුරු දත්ත පද්ධතියට ඇතුලත් කර ඇති බව හෙළිව තිබෙනවා.

කේ.ඒ්. ටොයෝටා ලෙක්ෂස් වර්ගයේ මෙම රථය 2005 වසරේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බව අනාවරණය වී තිබුනා.

කෙසේ වෙතත්, මෙම රථය ලියාපදිංචි කිරීමේදී රේගු සටහන් තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුලත් කර තිබු බවයි විමර්ශන නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ.

ඒ් පිළිබඳ රේගු සටහන් පරීක්ෂා කිරීමේදී රබර් ආශ්‍රිත නිශ්පාදන ආයනයනය කළ බවට ශ්‍රි ලංකා රේගුවේ තොරතුරු ඇති නමුත් වාහන ආනයනය කළ බවට තොරතුරු නොපැවතීම මෙම ජාවාරම පසුගිය කාලයේ ජයටම කර ගෙන ගොස් ඇත්තේ කෙසේද යන්න පැහැදිලි කෙරෙන මනා සාක්ෂියක්.

අල්ලස් හෝ දුෂණ චෝදනාවිමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒ්කකයේ නිලධාරින් මෙවැනි වංචනික තොරතුරු ඉදිරිපත් කරමින් ව්‍යාජව ලියාපදිංචි කර ඇති රථ වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44