රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් ගත් රථය අනතුරකට ලක්වෙයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කරමින් තිබූ ජීප් රථය මාරවිල, මෝදරවැල්ල ප්‍රදේශයේ දී අද (29) අනතුරට ලක්ව තිබෙනවා.

එම රථය තවත් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අනතුරෙන් පසු අනෙක් රථයේ රියදුරා සහ පිරිසක් විසින් රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරාට පහර දී ඇති බවයි මාරවිල පොලිසිය සඳහන් කළේ.

ඒ, සම්බන්ධයෙන් රියදුරා විසින් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර, ඔහු මේ වනවිට මාරවිල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවයි මාරවිල පොලිසියේ උසස් නිලධාරියෙක් අප සමඟ ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ රියදුරා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අදාළ පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අනෙක් පාර්ශ්වය පවසන්නේ එවැනි පහරදීමක් අමාත්‍යවරයාගේ රියදුරාට සිදුනොකළ බවයි.

කෙසේ වෙතත් මෙම අනතුරින් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර, අනතුරෙන් පසු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48