නියමුවාගේ වැරදීමකින් රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ගුවන් තොටුපළක් අසල මිදී ගිය ගංගාවකට ගුවන් යානයක් ගොඩ බැස්සවීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මගීන් 30 දෙනෙකු රැගත් ඇන්ටනොව් -24 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස ගංගාවකට ගොඩබස්වා ඇති බව සඳහන්.
Polar Airlines An-24 යානය Yakutia කලාපයේ Zyryanka අසල Kolyma ගඟට ආරක්ෂිතව ගොඩ බැස්ස වූ බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
මූලික පරීක්ෂණ තොරතුරුවලට අනුව අනාවරණ වී ඇත්තේ ගුවන් අනතුරට හේතුව නියමු කාර්ය මණ්ඩලයේ දෝෂයක් බවයි.
මෙම ගුවන් යානයේ අනපේක්ෂිත ගොඩබැස්වීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
2
+1
1
+1
1
+1
+1




