වන අලි පහරදීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට – ප්‍රදේශවාසීන් පාර වසා විරෝධතාවක

අනුරාධපුර ශ්‍රාවස්තිපුර වදාකඩ ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ වදාකඩ ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

වන අලි පහර දීමෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් ප්‍රකෝප වූ ගම්වාසීන් පිරිසක් වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා අද දහවල් ශ්‍රාවස්තිපුර පහේ ඇල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය වසා දමමින් උද්ඝෝෂණයක ද නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ජීවිතක්ෂයට පත් මෙම තරුණයා ඊයේ  පස්වරුවේ සිය කුඹුරට ජලය හැරවීම සඳහා වදාකඩ වැව ආසන්නයෙන් මිතුරෙකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ගය අසල සැඟව සිටි වන අලියෙකු මෙම පහර දීම සිදු කර තිබෙනවා. 

එම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු සමග ගමන් ගත් අනෙක් තරුණයා ද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ශ්‍රාවස්තිපුර, වදාකඩ, ගල්වඩුවාගම, රඹාවැව, කිඹුලාකඩ යන ගම්මානවල පවුල් දහසකට ආසන්න පිරිසක් ජීවත් වන අතර එම පිරිස් වන අලි තර්ජන හේතුවෙන් මේ වනවිට දැඩි භීතියකින් පසුවන බව උද්ඝෝෂකයින් ප්‍රකාශ කළා.

වන අලි ගැටලුව සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවට පොලිසිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විරෝධතාව අවසන් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26