Empty Ad
Empty Ad
 Empty Ad

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන CIDයට (වීඩියෝ)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරනු ලැබූ කැඳවීමකට අනුව තමා පැමිණි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ.

මාධ්‍ය ඔස්සේ තමා සිදු කරනු ලබන ප්‍රකාශ පිළිබඳ කරුණු විමසීමට එලෙස කැඳවා ඇති බව ද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කලා.

වෛද්‍ය නිලධාරියෙකු ලෙසට තමා වසර 28ක කාලයක් පුරා වංචා සහ දූෂණවලට එරෙහිව පෙනී සිටි අතර වර්තමානයේ සිදුවන ක්‍රියාකාරකම් දෙස බැලීමේදී කණගාටුවක් පවතින බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?