ඩෙංගු රෝගය වැළදීමෙන් යාපනයේ තවත් අයෙක් ජිවිතක්ෂයට

ඩෙංගු උණ වැළදී සිටි වයස අවුරුදු 23 ක තරුණයෙකු ඊයේ(27) ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසති.

රෝහල් ආරංචි මාර්ග පැවසූවේ යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි රවිචන්ද්‍ර සාරුරන් නමැති තරුණයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ගතවු සතියක කාලය තුළ යාපනය රෝහල තුළින් ඩෙංගු රෝගීන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළහ.

ඩෙංගු උණ වැළදුණ යාපනය,තාවඩි ප්‍රදේශයේ පදිංචි මාස 11 ක් වයසැති මදුරන් කිරුතිෂ් නමැති පිරිමි දරුවෙකු 25 වැනිදා ජිවිතක්ෂයට පත්ව තිබිණ.

ඩෙංගු උණ වැළදී ප්‍රතිකාර ලබමින් සිටි යාපනය විශ්ව විද්‍යාලීය කළා පීඨයේ අධ්‍යාපනය ලද ගුණරත්නම් සුබීන් නමැති සිසුවියක්  24 වැනිදා ජිවිතක්ෂයට පත්විණ. 

යාපනය රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසූවේ දෙසැම්බර් මාසය තුළදි පමණක් ඩෙංගු උණ රෝගය වැළදුන රෝගීන් 1000 කට ආසන්න පිරිසක් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුව ඇති බවයි.

පසුගිය අඟහරුවාද දිනයේ පමණක් ඩෙංගු උණ රෝගීන් 71 දෙනෙකු රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති බවද රෝහල් අධ්‍යකෂකවරයා පැවසූවේය.

පවතින වැසි තත්වය සමඟ යාපනය දිස්ත්‍රික්කය තුළ අධික ලෙස ඩෙංගු රෝගීන් වාර්තාවීම සිදුවන බව සෞඛ්‍ය අංශ පවසති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02