හෝටල් සූපවේදියකු ධාවනය කළ මෝටර් රථයක් නවතා ඔහු පරීක්ෂා කිරීමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයකුට කනේ පහර ගසා පැනයාමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සූපවේදියා අත්අඩංගුවට ගෙන තිබෙනවා .
එම මෝටර් රථය මහනුවර මූලස්ථාන පොලිසිය ඉදිරිපිටදී නවතා ඇති අතර එහි රියදුරු බීමතින් සිටින බවට පෙනී ගිය බැවින් පොලිස් මුරකුටියට කැඳවා රියදුරා පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී සැරයන්වරයාට එම කනේ පහර එල්ල කොට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය .
පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
අත්අඩංගුවට ගත් සූපවේදියාට එරෙහිව බීමතින් රිය පැදවීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ අධිකරණයේ නඩු පැවරීමට නියමිතයි .














