ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාසගත ජයක්

ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාස ගත ටෙස්ට් ජයක් වාර්තා කිරීමට අද (24) සමත් වුණා.

ඒ, දෙරට අතර මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගය කඩුලු 08කින් ජයගැනීමට සමත්වීමත් සමඟයි.

මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වන්නේ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහිව ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙසටයි.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ලකුණු 219ක් රැස්කළ අතර, ඉන්දීය කාන්තා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 406ක් රැස් කළා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ලකුණු 261ක් රැස් කළ අතර, තරගය ජයග්‍රහණය සදහා ඉන්දීය කාන්තා කණ්ඩායමට ලකුණු 75ක ඉලක්කයක් හිමි වුණා.

ඒ, අනුව ලකුණු 75ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට සිය දෙවන ඉනිම ඇරඹු ඉන්දීය පිළ කඩුලු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ තරුණියක් ජනපතිව සැරටම අමතයි - අනුරට ඕන ඕන විදිහට කරන්න දෙන්නේ නෑ
09:11
Video thumbnail
ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි, අලුත් ව්‍යවස්ථාවක්ම හදන්න
02:15
Video thumbnail
එදා චාමර සහ අද චාමර - GL ගැන කිව්ව කතා
00:59
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21