ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාස ගත ටෙස්ට් ජයක් වාර්තා කිරීමට අද (24) සමත් වුණා.
ඒ, දෙරට අතර මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගය කඩුලු 08කින් ජයගැනීමට සමත්වීමත් සමඟයි.
මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වන්නේ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහිව ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙසටයි.
මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ලකුණු 219ක් රැස්කළ අතර, ඉන්දීය කාන්තා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 406ක් රැස් කළා.
අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ලකුණු 261ක් රැස් කළ අතර, තරගය ජයග්‍රහණය සදහා ඉන්දීය කාන්තා කණ්ඩායමට ලකුණු 75ක ඉලක්කයක් හිමි වුණා.
ඒ, අනුව ලකුණු 75ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට සිය දෙවන ඉනිම ඇරඹු ඉන්දීය පිළ කඩුලු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.




