ඉන්දීය රජය විසින් ළූණු අපනයනය තහනම් කිරීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ඉන්දීය තොග වෙළෙඳපොළේ ළූණු මිල හදිසියේ කඩා වැටීමක් පෙන්නුම් කරන බව වාර්තා වනවා.
මේ හේතුවෙන් දැඩි නියං තත්ත්වයන් මධ්‍යයේ වුවද ළූණු වගා කිරීමට සමත් වූ ගොවීන් දැඩි මූල්‍ය අර්බුදයකට සහ කනස්සල්ලට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තහනමෙන් පසු, බැංගලෝර්, හුබ්බල්ලි, දාවනගෙරේ ප්‍රදේශවල තොග වෙළඳපොලවල ළූණු මිල විශාල ලෙස පහත වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
දැඩි නියඟයෙන් පීඩාවට පත්ව සිටි ගොවීන්ට ළූණු මිල කඩාවැටීම මහත් කම්පනයකට හේතු වී ඇති බවත්, මෙලෙස ළූණු මිල කඩාවැටීමට එරෙහිව, තහනම ඉවත් කරන ලෙස රජයට බලකරමින් දැවැන්ත විරෝධතාවක් දියත් කිරීමට ගොවි සංවිධාන සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ.
රජය ළූණු සඳහා අවම ආධාරක මිලක් ප්‍රකාශයට පත් කළ යුතු අතර, අතරමැදි උවදුර අවසන් කිරීමටත්, මෙම පාඩුවෙන් ගොවීන් ආරක්ෂා කර ගැනීමටත්, අපනයන තහනම ඉවත් කිරීමටත් රජය කටයුතු කළ යුතු බවයි එඅට ගොවි සංවිධාන සඳහන් කළේ.
මේ අතර ඉදිරි දින කිහිපය තුළ දී තවත් ළූණු මිල පහත වැටීමට ඉඩ ඇති බවයි ඉන්දීය වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.




