කහවත්ත ඝාතනයේ සැකකාර දියණිය යළි රිමාන්ඩ්

කහවත්ත වැල්ලඳුර වෙලේවත්ත පුදේශයේ තිදරු මව ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් දියණිය ලබන ජනවාරි 1 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකාරිය පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

පසුගිය 13 වනදා ඝාතනයට ලක්වූ 71 හැවිරිදි තිදරු මවගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ බාල දියණිය පසුගිය15 වනදා කහවත්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා. ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ඇය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිණියක් වන 38 හැවිරිදි අවිවාහක කාන්තාවක්.

කහවත්ත පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ මෙම ඝාතනය පිළිබඳ අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ විශේෂ තාක්ෂණික අංශය ලබා ගත් ආරක්ෂිත කැමරා දර්ශන සහ දුරකථන ඇමතුම් පිළිබඳ තාක්ෂණික පරික්ෂණ තවමත් අවසන්ව නොමැති බවයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ ජංගම දුරකථන දෙකෙන් එකක් අතුරුදන් වී ඇතැයි අනාවරණ වී ඇති අතර ඒ පිළිබඳව ද විමර්ශන සිදු කෙරෙන බවත් එම දුරකථනවලට ලැබුණු ඇමතුම් දෙකක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව ද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

සැකකාරියට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් ද විමර්ශන කළ අතර ඇයගේ දුරකථනයට ඝාතනය සිදු වූ දින දහවල් කාලයේ පැය දෙකක කාලයක් කිසිදු ඇමතුමක් නොලැබි ඇති බව සඳහන්.

සැකකාරිය ඝාතනය සිදු වූ දින කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාව කරන අතරතුර ATM යන්ත්‍රයකින් රුපියල් දස දහසක මුදලක් ලබාගෙන ඉන් රුපියල් පන්දහසක් එම කාර්යාලයේ යෙහෙලියකට ලබාදී ඇතැයි ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා.

සැකකාර කාන්තාව උදෑසන 11.15ට රාජකාරියට වාර්තා කර පස්වරු 3.31ට බැහැර වී ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

ඉන් අතර වේලාවකදී ඇය ඒ අසළ ATM යන්ත්‍රය වෙත ගොස් ඇති බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

සැකකාරිය මානසික වෙද්‍යවරයෙකු ඉදිරිපත් කර ලබාගත් වෙද්‍ය වාර්තාද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ අතර වැඩිදුර මානසික වෙද්‍ය වාර්තාවක් ද ලබා ගැනිමටයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේ.

ඝාතනය සිදු වූ ස්ථානයේ තිබී හමු වූ කාන්තා අත් ඔරලෝසුව සහ එහි තිබූ රුධිර පැල්ලමද විමර්ශනවලදී අවධානයට ලක්වී තිබෙනවා.

මෙම ඝාතනයට වෙනත් භාහිර පාර්ශවයක් සම්බන්ධ බවට මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති අතර අපරාධය සම්බන්ධයෙන් සිදු කරන තාක්ෂණික පරික්ෂණවල සැසඳීම් තවදුරටත් සිදු වෙන බව ද පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51