දීර්ඝ නිවාඩු සති අන්තයේ බස් ධාවනය ගැන දැනුම්දීමක් (වීඩියෝ)

දීර්ඝ නිවාඩුවත් සමග එළඹෙන සති අන්තය වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි පෞද්ගලික බස් රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරී ආයතන මගින් ඉල්ලීමක් කළ හොත් අමතර බස් රථ ලබාදීමට ද කටයුතු කළ හැකි බවයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ ඇතැම් මාර්ගවල බස් රථ ධාවනය කිරීමට නොහැකි තත්වයක් පවතින බව ද ඔහු පෙන්වා දෙනවා.

බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ගම් බිම් බලා යන ජනතාවට කල් ඇතිව කොළඹට පැමිණීම සඳහා සූදානම් වන ලෙසටයි.

බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ද නිවාඩු ලබා ගැනීම හේතුවෙන් බස් රථ ධාවනයේ අඩුවක් පැවතිය හැකි බව ද ගැමුණු විජේරත්න කියාසිටියා.

ඒ අනුව පෝය සහ නත්තල් දිනවල බස් ධාවනයේ අඩුවක් පැවතිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. ඔහු අවධාරණය කර තිබේ.

මේ අතර නත්තල් උත්සවය සහ පාසල් නිවාඩුවත් සමග ගම්බිම් බලා පිටවයන ජනතාව වෙනුවෙන් විශේෂ බස් හා දුම්රිය සේවාවන් අද සිට ක්‍රියාත්මක බව එම ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළා.

අද සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත අතර උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද හෙට (23) ආරම්භ කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මහතා කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31