ජනපතිගෙන් නව පත්වීම් කිහිපයක් (Update)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ 10ක් සඳහා නව ලේකම්වරුන් දසදෙනෙක් සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක් පත් කර තිබෙනවා.

මෙම පත්වීම් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වසන්තා පෙරේරා මහත්මිය ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට එන්. එම්. රණසිංහ මහතා ද පත් කර ඇති අතර, ගුණදාස සමරසිංහ මහතා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඩබ්. පී. පී. යසරත්න මහතා පත් කර ඇති අතර, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ සමන් දර්ශන පාඩිකෝරාල මහතායි.

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස බී. කේ. පී. චන්ද්‍රකීර්ති මහතා ද, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ද, ඉංජනේරු රංජිත් රූබසිංහ මහතා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය ධර්ම ශ්‍රී කුමාරතුංග මහතා ද පත් කර තිබෙනවා.

තවද උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය ද පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53