අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ප්‍රීතිට ලොකු වැරැද්දක් සිද්ධ වෙලා

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අදාළ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය 19 වනදා ඩුබායි හිදී සාර්ථක ලෙස අවසන් වුණා.

එහිදී ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම වාර්තා ගත මිල ගණන් යටතේ මිලදී ගැනීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටා හිමිකාරිත්වය දරණ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට සිදුවූ විශාල අත්වැරැද්දක් සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානයට යොමුව තිබෙනවා.

මෙවර වෙන්දේසියේ දී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිල දී ගැනීමට සිටි ක්‍රීඩකයින් අතර 19 හැවිරිදි ශෂාන්ක් සිංගේ නමත් ඇතුළත්ව තිබුණා.

ඒ, අනුව මෙවර වෙන්දේසියේ දී ශෂාන්ක් සිං නම ඉදිරිපත් වූ අවස්ථාවේ දී ඔහුට ලංසු තබන්නට පන්ජාබ් කිංග්ස් කළමණාකාරීත්වය කටයුතු කළ ආකාරයි දැකගත හැකි වුණේ.

කෙසේ වෙතත් පසුව හෙළිවී ඇත්තේ මෙලෙස ඉදිරිපත් කර ඇත්තේ ශෂාන්ක් සිං නමැති 32 හැවිරිදි වියේ පසුවන වෙනත් ඉන්දීය ක්‍රීඩකයෙක් බවයි.

පන්ජාබ් කිංග්ස් කළමණාකාරීත්වය මෙම වරද තේරුම්ගන්නා විට සිදුවන්නට තිබූ නරකම දේ සිදුව අවසන්ව තිබුණා.

ඒ, මෙවර වෙන්දේසිය මෙහෙය වූ මල්ලිකා සාගර් විසින් පන්ජාබ් කිංග්ස් පිළ ශෂාන්ක් සිංට තැබූ ලංසු මුදලට ඈවර කිරීම සිදුකර මිටි පහරද එල්ල කර තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් අවසන් මොහොතේ පන්ජාබ් කිංග්ස් කළමණාකාරීත්වය තමන් තැබූ ලංසු මුදල අවලංගු කරගන්නා බව පැවසූ නමුත් එලෙස සිදුකිරීමට හැකි අවස්ථාව මඟ හැරී තිබුණා.

ඒ, අනුව පන්ජාබ් පිළට තමන් නොසිතූ ක්‍රීඩකයෙක් වෙන්දේසියේ දී කණ්ඩායමට එක්කර ගන්නට මෙවර සිදුව තිබෙනවා.

මෙම සිදුවීමත් සමඟ ශෂාන්ක් සිං සහ පන්ජාබ් කළමනාකාරීත්වය අන්තර්ජාලය ඔස්සේ දැඩිව හාස්‍යයට ලක්වන ආකාරය ද දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් පන්ජාබ් කණ්ඩායම විසින් තමන් මිල දී ගැනීම සම්බන්ධයෙන් ශෂාන්ක් සිං සිය ස්තූතිය පළකර සිටියා.

මේ අතර ඊයේ දිනයේ පන්ජාබ් කණ්ඩායම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා සෑම විටම ඔවුන්ගේ ඉලක්ක ලැයිස්තුවේ සිටි බවත් එකම නම ඇති ක්‍රීඩකයින් දෙදෙනෙකු ලැයිස්තුවේ සිටීම හේතුවෙන් මෙම ව්‍යාකූලත්වය ඇති වූ බවයි.

එමෙන්ම ශෂාන්ක් සිං තම සාර්ථකත්වය සඳහා දායකකර ගැනීමට හැකිවීම ගැන සතුටට පත්වන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් එළඹෙන තරගාවලිය තුළ ඔහුට කණ්ඩායමේ කිනම් භූමිකාවක් ලබාදෙනු ඇත්ද යන්න පිළිබඳව ප්‍රේක්ෂකයින් විමසිල්ලෙන් බලාගෙන සිටීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29