නව අයවැයෙන් ඔන්න ප්‍රතිපාදන දුන්නා.දැන් දිවයින පුරා සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්න.

නව අයවැය ප්‍රතිපාදන යටතේ දිවයින පුරා සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පළාත් සභා සහ පළාත් පාලන ආයතන ආශ්‍රිත කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සමඟ 2023. 12. 19 දින අරලියගහ මන්දරයේදී පැවති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දුන්නේය.

2024 වර්ෂයේදී පළාත් ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මගින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සහ ආහාර සුරක්ෂිතතාවය, ධීවර, පුනර්ජනණීය බල ශක්තිය සහ තොරතුරු තාක්ෂණය ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කළ බව අගමැති මාධ්‍ය අංශය පවසනවා.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාවත පැහැදිලි ලෙස නව අයවැයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සම සභාපතිවරුන් ලෙස දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධන කටයුතු මෙහෙයවීම සිදු කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07