ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් සංවේදී වූ රාජ්‍ය යාන්ත්‍රණයක් සකසන්න සහායවන්න

ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් සංවේදී වූ රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමට සහාය වන ලෙස ආබාධ සහිත තැනැත්තන් විසින්, ආබාධ සහිත තැනැත්තන් සඳහාවන පාර්ලිමේන්තු සංසදයෙන් උල්ලිමක් සිදුකර තිබෙනවා.

මෙසේ ආබාධ සහිත තැනැත්තන් විසින් ඉල්ලා සිටියේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත පරිච්ඡින්න කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දීර්ඝ වශයෙන් සංසදයේ අවධානය යොමු වූ අතර ආබාධ සහිත තැනැත්තන් සඳහාවන ඒකාබද්ධ පෙරමුණ සහ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මේ සඳහා සහභාගී වුණා.

මෙහිදී යෝජිත නව පනත් කෙටුම්පතට අනුව ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කොම්ෂන් සභාවක් පිහිටුවීම පිළිබඳ ආබාධ සහිත තැනැත්තන් සඳහා
වන ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් පැමිණි පිරිස පෙන්වා දුන්නා.

මෙහිදී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම පෙන්වා දුන්නේ ඉක්මනින්ම මෙම යෝජිත නව පනත් කෙටුම්පත පිළිබඳ අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බවත්, එමෙන්ම ජනාධිපතිවරයා සමඟ මේ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ආබාධ සහිත තැනැත්තන්ගේ ද සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මේ මස සිට ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා අවසර ලබා දී ඇති බව ද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27