ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් මෙවර IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 20.5කට(අමෙරිකානු ඩොලර් මිලියන 2.4) අලෙවි විය.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්තා.
මේ අතර IPL වෙන්දේසියේ මේ දක්වා හිමිවූ වැඩිම මුදලේ වාර්තාව බිඳ දැමීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත්විය.
ඒ අනුව මෙවර IPL වෙන්දේසියේ සුපිරි ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් ඉන්දීය රුපියල් කෝටි 24.75කට අලෙවි විය.
ඔහුව මිලදීගත්තේ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායමයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංගව සන්රයිස(ර්)ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ.
ඒ අමෙරිකානු ඩොලර් 181,000කට ය.එනම් ඒ රුපියල් මිලියන 58.9කට පමණ (ඉන්දීය රුපියල් මිලියන 15කට)
මේ අතර මෙතෙක් විකිණුනු ක්‍රීඩකයින් අතරින් බටහිර ඉන්දීය කොදෙව් 20යි 20 කණ්ඩායමේ නායක, රොවුමන් පවෙල් ඩොලර් 890,000කට රාජස්ථාන් රෝයල් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.
එසේම එංගලන්ත ක්‍රීඩක හැරී බෘෘක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් අමෙරිකානු ඩොලර් 480,000කට මිල දී ගත්තේය.
ට්‍රැවිස් හෙඩ් – සන්රයිස(ර්)ස් හයිඩ්‍රාබාද් – අමෙරිකානු ඩොලර් 819,000
රචින් රවින්ද්‍රා – චෙන්නයි සුපර් කිංග්ස් – අමෙරිකානු ඩොලර් 217,000යි.
ශාඩුල් තකූර් – චෙන්නායි සුපර් කිංග්ස් – අමෙරිකානු ඩොලර් 482,000
අස්මතුල්ලා ඔමර්සායි – ගුජරාට් ටයිටන්ස් – අමෙරිකානු ඩොලර් 60,000
පැට් කමින්ස් – සන්රයිසර්ස් හයිද්‍රාබාද් – අමෙරිකානු ඩොලර් 2,470,000
ජෙරල්ඩ් කොඑට්සී – මුම්බායි ඉන්දියන්ස් – අමෙරිකානු ඩොලර් 602,000
හර්ෂාල් පටෙල් – පන්ජාබ් කිංග්ස් – අමෙරිකානු ඩොලර් 1,412,000
ඩැරිල් මිචෙල් – චෙන්නායි සුපර් කිංග්ස් – අමෙරිකානු ඩොලර් 1,687,000
IPL වෙන්දේසියේ පළමු වටයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.ඔහුගේ මූලික වටිනාකම ඉන්දියන් රුපියල් ලක්ෂ 50කි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබේ.
ඒ ඉන්දීය රුපියල් කෝටි 4.60ක මුදලකටය.
එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 554,000කි.
ක්‍රිස් වෝක්ස් – පන්ජාබ් කිංග්ස් – අමෙරිකානු ඩොලර් 506,000
ට්‍රිස්ටන් ස්ටබ්ස් – දිල්ලි කැපිටල්ස් – අමෙරිකානු ඩොලර් 60,000
කේ එස් භාරත් – කොල්කටා නයිට් රයිඩර්ස් – අමෙරිකානු ඩොලර් 60,000
චේටාන් සකාරියා – කොල්කටා නයිට් රයිඩර්ස් – අමෙරිකානු ඩොලර් 60,000
අල්සාරි ජෝසෆ් – රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – අමෙරිකානු ඩොලර් 1,386,000
උමේෂ් යදාව් – ගුජරාට් ටයිටන්ස් – අමෙරිකානු ඩොලර් 697,000
ශිවම් මාවි – ලක්නව් සුපර් ජයන්ට්ස් – අමෙරිකානු ඩොලර් 771,000
මිචෙල් ස්ටාක් – කොල්කටා නයිට් රයිඩර්ස් – අමෙරිකානු ඩොලර් 2,982,000
ජදෙව් උනාද්කාට් – සන්රයිසර්ස් හයිද්‍රාබාද් – අමෙරිකානු ඩොලර් 193,000




