ජෙරම් මෙරට අපරාධ යුක්ති ක්‍රියාදාමය අවභාවිතයට ලක් කරතිබෙනවා අධිකරණයේදී ජෙරම්ට චෝදනා

බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විවිධ නඩුකර ඉදිරිපත් කරමින් මෙරට අපරාධ යුක්ති ක්‍රියාදාමය අවභාවිතාවට ලක් කරමින් සිටින බව සර්ව ආගමික නායකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගයක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු සර්ව ආගමික නායකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයවර්ධන මහතා මේ බව කියා සිටියා.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයේ පෙත්සම්කාර දේව ගැතිවරයා තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළ බව සඳහන් කලා.

එම කරුණට අදාළවම අභියාචනාධිකරණය හමුවේද තවත් රිට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර පසුව අධිකරනය විසින් එය සලකා බැලීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු විසින්ම එය ඉල්ලා අස්කරගෙන පසුව එම කරුණට අදාළව තවත් පෙත්සමක් ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

මෙලෙස පෙත්සම්කරු විවිධ අධිකරණවලට පෙත්සම් යොමු කරමින් නීතිය මඟ හැර යාමට උත්සාහ කර ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා මේ තුළින් ඔහු මෙරට අපරාධ යුක්ති ක්‍රියාදාමය අවභාවිතයට ලක් කර ඇති බවත් චෝදනා කර සිටියා.

මේ ආකාරයෙන් කටයුතු කිරීමට ඔහුට නීතිය ඉදිරියේ කිසිදු සුවිශේෂී වරප්‍රසාදයක් හිමිවී නොමැති බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුරටත් චෝදනා කර සිටියා.

මෙම පෙත්සම පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා විසින් ඊයේ දින මූලික විරෝධතා මතුකර තිබුණා.

එම මූලික විරෝධතා පිළිබඳ නියෝගය හෙට දින ප්‍රකාශයට පත් කරන බවත් අභියාචනාධිකරණය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බංගලාදේශයේ යැයි කියූ දියණියගේ සහ ඉත්තෑවගේ බැඳීම - අම්මයි තාත්තයි මාධ්‍යයට හෙළිකළ දේ මෙන්න
07:44
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48
Video thumbnail
කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදා බේකරි නිෂ්පාදන කළ වෙළෙඳ සැලක් වටලයි - කල් ඉකුත්වෙලා අවුරුදු 3ක් වෙනවා
01:26
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00