ගිනියාවේ තෙල් පර්යන්තයක දැවැන්ත පිපිරීමක්

ගිනියාවේ තෙල් පිරිපහදුවෙහි සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කොනක්‍රි අගනුවර පිහිටි ප්‍රධාන තෙල් පිරිපහදුවක මෙම පිපිරිම සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බොහෝ පිරිසක් මෙමගින් තුවාල ලබා ඇති බවයි .පිපිරීමෙන් අවට නිවාසවල ජනේල පුපුරා ගොස් ඇති අතර, සිය ගණනක් නිවැසියන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. බලධාරීන් නගරයේ පාසල් වසා දමන ලෙසට නියෝග කර ඇති අතර ජනතාවගෙන් නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා තිබෙනවා

ගින්න ආරම්භ වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?