ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුව අද රැස්වෙයි

උපුල් තරංග සභාපතිත්වය දරණ නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (18) දිනයේ රැස්වීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී තේරීම් කමිටුව මෙලෙස රැස්වීමට නියමිතයි.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් නව තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත අතර තරග ආකෘති තුනේ නායකයින් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එළඹෙන ජනවාරි මාසයේ දී ආරම්භවන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම ද මෙහිදී සිදුකරන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?