ගංජා කිලෝ 100ක් ජාඇල නිවසක (ඡායාරූප)

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමේ දී ගංජා කිලෝ 100ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (17) දින සොයාගෙන තිබෙනවා.

ජාඇල ප්‍රදේශයේ දී මෙම ගංජා තොගය සොයා ගැනීමට හැකි වූ බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

සොයාගත් මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ වනවා.

මෙම අවස්ථාව නිරීක්ෂණය සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද එම ස්ථානයට පැමිණ සිටියා.

ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (17) අලුයම සිට ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?