මත්ද්‍රව්‍ය සහ පාතාලය මඩින මෙහෙයුම් අද සිට

සංවිධානාත්මක පාතාල අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද ආරම්භ කෙරෙනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අවධාරණය කළේ ලබන 23 වනදා දක්වා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි.

අද අලුයම සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ විශේෂ මෙහෙයුම පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කළා.

ඔහු සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට අවධාරණය කළේ මීළඟ පාසල් වාරය ආරම්භ වන විට මත්ද්‍රව්‍ය, මත්පෙති හෝ අයිස් අලෙවි කරන කිසිදු අයෙකු පාසල් අසල සිටීමට අවස්ථාව ලබා නොදිය යුතු බවයි.

එලෙස කටයුතු කිරීමට අපොහොසත්වන පොලිස් ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් තමාට තීරණයක් ගැනීමට සිදුවන බවයි වැඩබලන පොලිස්පතිවරයා කියාසිටියේ.

මහජනතාව පොලිසිය සමග අත්වැල් බැඳගෙන කටයුතු කරන්නේ නම් මත්ද්‍රව්‍ය උවදුර සහමුලින්ම තුරන් කිරීමට හැකියාව පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විවිධ හේතුන් මත සිවිල් ප්‍රජාව පොලිසියෙන් ඈත් වී ඇති අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමට පෙර ජනතාව තම ජීවිතයට එල්ලවන අවදානම පිළිබඳ සිතා බැලීම ඊට හේතුව බව වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

එම අවිශ්වාසයට විශ්වාසනීයත්වයක් ඇති කර නොගත හොත් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම පහසු නොවන බවයි දේශබන්දු තෙන්නකෝන් මහතා කියාසිටියේ.

තම ග්‍රාම සේවක වසමේ ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේ වගකීම ප්‍රජා පොලිස් කමිටුවලට පැවරෙන බව ද ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ ඇති පොලිස් ස්ථාන 607කින් පාතාල ක්‍රියාකාරකම් වාර්තා වී ඇත්තේ 43ක පමණක් වන අතර එය ප්‍රතිශතයක් ලෙසට සලකා බැලීමේදී සියයට 7ක පමණ ප්‍රමාණයක්.

එය නැති කර දැමීම අපහසු කාර්යයක් නොවන බවයි වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේ.

පසුගියදා අත්අඩංගුවට ගත් ගනේමුල්ල සංජීව නම් පාතාල සාමාජිකයාගෙන් ලබාගත් තොරතුරු මත ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අපරාධකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට අවශ්‍ය නීතිමය කටයුතු මේවන විට සිදුවෙමින් පවතින බව ද ඔහු සඳහන් කළා.

මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් 1091 දෙනෙකුගේ සියලුම වත්කම් ඉදිරි මාස 3ක කාලයක් ඇතුලත නීතිමය පියවර ගැනීමෙන් පසුව නීති විරෝධී වත්කම් රැස් කිරීම යටතේ රාජසන්තක කිරීම තම අරමුණ බවයි වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේ.

මෙම අපරාධකරුවන් 1091 දෙනාට ජනවාරි මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ කිසිදු ගුවන්තොටුපොළකින් වංචනික විදේශ ගමන් බලපත්‍ර යොදා ගනිමින් හෝ පිටවීමට හැකියාවක් නොමැති බව ඔහු ප්‍රකාශ කළා.

ඒ වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි ඔහු කියාසිටියේ.

විවිධ ආගමික කටයුතුවලට දාන මානාදියට දායක වෙමින් සිටින පුද්ගලයන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන බවට ජනතාවගෙන් චෝදනා එල්ලවන අතර ආදායමක් උපයන ක්‍රමයක් නොමැතිව ධනවතුන් වූ බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව ඔහු ප්‍රකාශ කළා.

එම සියලුදෙනා පිළිබඳ විමර්ශණ ආරම්භ වන අතර ඔවුන් සියලුදෙනාගේ දේපළ නීතිමය පියවරවලින් අනතුරුව රාජසන්තක කෙරෙන බව දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය පාතාලය තුරන් කිරීමේ මෙහෙයුම්වල නිරතවන අතර දකුණු පළාතේ පාතාලය තුරන් කිරීම වෙනුවෙන් ජනතාවගෙන් තොරතුරු ලැබෙන්නේ නම් ඉතා කෙටි කාලයක් තුල එම අභියෝගය ජය ගත හැකි බව ඔහු ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා දිවයින පුරා සිදු කෙරෙන මෙම විශේෂ මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩිව පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

එමෙන්ම අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් පොලිසියට දැනුම්දෙන ලෙසයි.

“අපි මේ මෙහෙයුම් ඉතා තදින් ක්‍රියාත්මක කරනවා. ඉහළ පෙළේ අය මොනවා කීවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට මම ඉඩ දෙන්නේ නැහැ. මම පොලිසියට දීලා තියෙන්නේ ජුනි 30 වෙනකම් විතරයි. ජූනි 30 වැනිදා වනවිට මේ රටේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සම්පූර්ණ වෙනසක් සිදු විය යුතුයි”

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සමාජ මාධ්‍ය හරහා එල්ල විය හැකි ප්‍රහාරවලින් තම වැඩපිළිවෙල නතර නොකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56