රුමේනියාවේ රැකියා පෙන්වා මුදල් වංචා කළ විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරියෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් කාන්තාවකගෙන් මුදල් ලබාගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කළ නිලධාරියෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව ප්‍රදේශයේ පදිංචි කාර්යාංශ නිලධාරියෙකු විසින් මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් රවටා, රුමේනියාවේ රැකියාවක් ලබාදීම සඳහා ඇයගෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මුදල් ලබා දුන්නද, පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදීම හේතුවෙන් එම කාන්තාව කාර්යාංශයේ විමර්ශන අංශයට පැමිණිලි කර තිබුණා.

එම පැමිණිල්ල විභාග කිරීම සඳහා අදාළ නිළධාරියා විමර්ශන අංශය වෙත කැඳවූ අවස්ථාවේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා වංචනික අයුරින් මුදල් අයකිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරිර ඇප 2ක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත නිදහස් කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

විදේශ රැකියා ජාවාරම්කරුවන්ට තරාතරම නොබලා දඬුවම් ලබාදෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර උපදෙස් ලබාදී ඇති අතර, ඒ අනුව මේ වන විට වංචනික විදේශ රැකියා ආයතන වැටලීම් හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පුළුල් කිරීමට කාර්යාංශය කටයුතු කර ඇතැයි සඳහන්.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න විමසා බැලිය යුතු වනවා.

වලංගු රැකියා නියෝජිතායතනයක් වුව ද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙසටයි කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14