පද්ධතියේ සමතුලිතභාවය පවත්වා ගනිමින් විදුලි සැපයුම පියවරෙන් පියවර යථා තත්ත්වයට

සමස්ත දිවයින පුරා සිදු වූ විදුලි බිඳවැටීම පියවරෙන් පියවර යථා තත්වයට පත් කිරීමට සියලු කටයුතු සිදු කරමින් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳ වැටීමක් හේතුවෙන් මෙම විදුලි විසන්ධි වීස සිදුවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සියලුම විදුලි පාරිභෝගිකයන්ට කනගාටුව පළකරන බව ද මණ්ඩලය ප්‍රකාශ කළා.

සමස්ථ දිවයින පුරා සිදුවී ඇති මෙම විදුලිය විසන්ධි වීම පද්ධතියේ සමතුලිතභාවය ද පවත්වා ගනිමින් පියවරෙන් පියවර යථා තත්ත්වයට පත් කිරීමට සියළු කටයුතු සිදු කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙනවා.

කොළඹ ජාතික රෝහල තදාසන්න ප්‍රදේශවල මෙන්ම දකුණු පළාතේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්වයට පත්කර ඇති බව ද ඔවුන් සඳහන් කරනවා.

අනෙක් ප්‍රදේශවල ද විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි විදුලිබල මණ්ඩලය කියාසිටියේ.

මේ අතර මෙම හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ලවී තිබෙනවා. ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ අත්‍යවශ්‍ය ස්ථාන වෙත බවුසර් මගින් ජලය ලබාදීමට පියවර ගෙන ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16