AFC Banner
Empty Ad
Empty Ad

රත්මලාන, මත්තල සහ පලාලි ගුවන් තොටුපළින් බිලියන 26ක ලාබයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි වැඩපිළිවෙල හේතුවෙන් රට තූළ ඇතිවී තිබෙන දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වයත් සමග මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රය ද ඉහළ ප්‍රගතියක් අත්කර ගනිමින් තිබෙන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසනවා.

රත්මලාන මත්තල සහ පලාලි යන ගුවන්තොටුපළ තුනෙන් රුපියල් බිලියන 26ක ලාභයක් ලබා ගැනීමට ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම සමත්ව ඇති අතර මත්තල ගුවන් තොටුපළ ලබා තිබූ පාඩුව සියයට 25කින් පමණ අඩු කර ගැනීමට සහ පලාලි ගුවන්තොටුපළෙන් මිලියන 12ක කාලයක් උපයා ගැනීමටත් හැකිවී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙම මාසය වන විට සංචාරකයන් ලක්ෂ 66ක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවී තිබෙන අතර ඉදිරි වසර 5 තුළ සංචාරකයන් මිලියන 50ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට සංචාරක අමාත්‍යංශය සමග එක්ව පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළකළේ ස්ථාවර රටකට සැවොම එක මගකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

PMD1 scaled
PMD2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?