දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

මේ දිනවල ඇදහැලෙන ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පස් කඳු සහ ගල් කඩා වැටීමෙන් මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා.

එමෙන්ම, අයහපත් කාලගුණය හේතුවෙන් මේවන විට පවුල් 165ක පුද්ගලයින් 589 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පස්කදු කඩා වැටීමෙන් රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික්කවල මාර්ග කිහිපයක රථ වාහන ධාවනයට බාධා එල්ල වුණා.

විශාල පස් කන්දක් සහ ගසක් කඩා වැටීමෙන් හැටන් – කොළඹ A 7 ප්‍රධාන මාර්ගය ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් අවහිර වුණා.ඒ හේතුවෙන් අද උදෑසන පාසල් සහ රැකියාවලට පිටත්වන ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් අද උදෑසන මාර්ගයට වැටී තිබූ පස් කන්ද හා ගස ඉවත් කිරීමේ කටයුතු සිදු කළා.

මේ අතර, අද උදෑසන රත්නපුර – දෙනියාය A 17 ප්‍රධාන මාර්ගයද අනිල් කන්ද ප්‍රදේශයේ නායාමක් හේතුවෙන් අවහිර වී තිබුණා.

බලන්ගොඩ – හැටන් ප්‍රධාන මාර්ගයට බළන්ගොඩ පින්නවල ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.

මේ අතර , බදුල්ල , කළුතර , මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී කොට්ඨාශ කිහිපයකට පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාපතනය නිසා රන්ටැඹේ ජලාශයේ වාන් දොරටු අද අලුයම සිට විවෘත කර තිබෙනවා.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එළැඹෙන 15වැනිදා සිට උදැසන කාලයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16