දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීම ගැන සලකා බලන බවට තොරතුරු වාර්තා වනවා.
මේ වනවිට 39 හැවිරිදි වියේ පසුවන ෆෆ් ඩු ප්ලෙසිස් 2020 වසරේ එංගලන්තයට එරෙහිව කේප්ටවුන් හි දකුණු අප්‍රිකාව වෙනුවෙන් සිය අවසන් ජාත්‍යනතර විස්සයි විස්ස තරගය සඳහා එක් වුණා.
කෙසේ වෙතත් ඔහු තවමත් ලොවපුරා ඇති ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා ක්‍රීඩා කරන අතර, මෙම වසරේ පැවති අයි.පී.එල් තරගාවලියේ දී වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන තැනට ද පත් වුණා.
ඒ, තරගාවලිය තුළ ඉනිම 14ක දී ලකුණු 730ක් රැස්කරමින්.
මේ අතර එළඹෙන අයි.පී.එල් තරගාවලියේ දී ද රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම මෙහෙයවිමේ වගකීම ඔහු සතුව පැවරී තිබෙනවා.
තමන්ට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසිය හැකි බව විශ්වාස කරන බවත්, එය පුහුණුකරුවන් සමඟ සකච්ඡාකර ඇති බවත් ෆෆ් ඩු ප්ලෙසිස් පවසා තිබෙනවා.















