ෆෆ් ඩු ප්ලෙසිස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ?

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීම ගැන සලකා බලන බවට තොරතුරු වාර්තා වනවා.

මේ වනවිට 39 හැවිරිදි වියේ පසුවන ෆෆ් ඩු ප්ලෙසිස් 2020 වසරේ එංගලන්තයට එරෙහිව කේප්ටවුන් හි දකුණු අප්‍රිකාව වෙනුවෙන් සිය අවසන් ජාත්‍යනතර විස්සයි විස්ස තරගය සඳහා එක් වුණා.

කෙසේ වෙතත් ඔහු තවමත් ලොවපුරා ඇති ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා ක්‍රීඩා කරන අතර, මෙම වසරේ පැවති අයි.පී.එල් තරගාවලියේ දී වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන තැනට ද පත් වුණා.

ඒ, තරගාවලිය තුළ ඉනිම 14ක දී ලකුණු 730ක් රැස්කරමින්.

මේ අතර එළඹෙන අයි.පී.එල් තරගාවලියේ දී ද රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම මෙහෙයවිමේ වගකීම ඔහු සතුව පැවරී තිබෙනවා.

තමන්ට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසිය හැකි බව විශ්වාස කරන බවත්, එය පුහුණුකරුවන් සමඟ සකච්ඡාකර ඇති බවත් ෆෆ් ඩු ප්ලෙසිස් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
34
+1
2
+1
13
+1
2
+1
2
+1
6
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්පෝට් සිද්ධිය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අසූචි වපුරන අයට අසූජි හම්බෙනවා අනාගතේ
04:04
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ආණ්ඩුව - විපක්ෂය එකතුවෙලා විපක්ෂ නායකට ගේමක් දෙන්නද යන්නේ ? ශම්මි සිල්වා සුහදශීලීව ධුරය අතහැරියා
04:36
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01