තැපෑල වර්ජනයකට සැරසෙයි

එළඹෙන 10 වනදා (අනිද්දා) පස්වරු 4.00 සිට 12 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දිවයිනපුරා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තැපල්පතිවරයා වෙත ද ලිපියකින් දැනුම්දීමට කටයුතු කර ඇති බවයි එම වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේ.

මෙම වැඩ වර්ජනයට දිවයින පුරා පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල 653ක සහ උප තැපැල් කාර්යාල 3410ක සේවකයින් එක්වීමට නියමිතයි.

රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීමක්, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති තීන්දුව අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට නියමිත බවයි වාර්තා වුණේ.

තැපැල් සේවකයින් විසින් ඉකුත් ඔක්තොම්බර් මස 25 සහ 26 යන දෙදින තුළ දී ද සංකේත වැඩවර්ජනයක් සිදුකරනු ලැබුවා.

එම වැඩ වර්ජනයට පෙර එනම් ඔක්තොම්බර් මස 23 වනදා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී තැපැල් සේවකයින් මේ වන විට මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් දැනුම්වත් කර සිටියා.

එහිදී කෙටි කාලීන ගැටළුවලට සති 02ක් තුළ විසදුම් ලබාදීමට රාජ්‍ය අමාත්‍යවරයා එකඟතාවය පළකර ඇති අතර, ඔක්තොම්බර් 27 වනදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවේ දී එකඟතාවයකට පත්ව ඇත්තේ අදාළ ගැටළුවලට සති 02 ක් තුළ විසදුම් ලබාදීමයි.

කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීමත් සමඟ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹන බවයි තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13