රැකියා වංචාවකට ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අර්ධ කාලීන රැකියා ලබා දී ඉන්දියාවේ කූඩලූර්හි තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 60ක් වංචා කළ බව කියන ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේ පොලිසියේ සයිබර් අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සයිබර් අපරාධ පොලිසියේ වාර්තාවන්ට අනුව කුරුංජිපාඩි හි පදිංචි 32 හැවිරිදි එස්. සම්පත් නමැති පැමිණිලිකරුට ටෙලිග්‍රාම් ඇප් එක හරහා මාර්ගගත අර්ධකාලීන රැකියාවක් ලබා දෙන බවට පණිවිඩයක් ලැබී තිබු බව සඳහන්. නාඳුනන පුද්ගලයෙකු විසින් යොමු කර තිබූ එම පණිවුඩයෙන් දන්වා ඇත්තේ අන්තර්ජාලය හරහා යම් යම් කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා මුදල් ලබා දෙන බවටයි.

කුඩා ආයෝජනයකින් මෙම යෙදුම ලබා ගැනීම තුළින් හොඳ ආයෝජනයක් ලබාගත හැකි බවට සැකකරු පොරොන්දු වී තිබෙනවා.

පසුව සම්පත් නම් පුද්ගලයා විශාල ටෙලිග්‍රාම් කණ්ඩායමකට ගෙන යන ලද අතර එහිදී ඔහු ලැබුණු උපදෙස් අනුව බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ 60ක මුදලක් තැන්පත් කර ඇතැයි සඳහන්. අවසානයේදී වංචාකරුවන් හමුවේ ඔහුට එම මුදල් අහිමි වීමෙන් පසුව සයිබර් අපරාධ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සයිබර් අපරාධ අංශය මගින් පුළුල් විමර්ශනයක් සිදු කර ඇති අතර කණ්ඩායම ගිණුම් හිමියෙකුට සිදු කරන ලද රුපියල් ලක්ෂ 6ක අවසන් ගනුදෙනුව සොයා ගත් අතර සැක සහිත බැංකු ගිණුමේ තොරතුරු ද ඔවුන් ලබා ගනු ලැබුවා. ගිණුම් හිමියාගේ විස්තර සහ සම්බන්ධිත ජංගම දුරකථන අංකය බැංකුවෙන් ලබාගත් පොලිසිය හෙළි කරගෙන ඇත්තේ එම ගිණුම චෙන්නායි හි අම්බතූර් හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන 26 හැවිරිදි සල්මන් මොහොමඩ් ෆාරුක්ට අයත් එකක් බවටයි.

මෙම ඔන්ලයින් වංචාවේ ප්‍රධානියා චීනයෙන් පැමිණි අයෙකු බව ඉන්දීය පොලිසිය පවසා තිබෙනවා. අඟහරුවාදා චෙන්නායිහිදී සල්මාන් අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුව කූඩලූර් වෙත රැගෙන ඇතැයි සඳහන්. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර කූඩලූර් මධ්‍යම බන්ධනාගාරයට යවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20