ඡන්ද අපේක්ෂකයෙක්ගෙන් අරුම පුදුම ඡන්ද පොරොන්දු

නිවසේ වැඩට රොබෝවරුන්, ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් යානා, තෙමහල් නිවාස, රන් ආභරණ, කෝටි ගණන් මුදල් , සඳ ගමන් ආදී ඡන්ද පොරෝන්දු ලබා දුන් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ අපේක්ෂකයකු පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

33 හවිරිදි තුලාම් සරවනන් නමැති මෙම අපේක්ෂකයා තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන පක්ෂයකිනුයි.

ඉටු කළ නොහැකි අසාමාන්‍ය ඡන්ද පොරොන්දු හේතුවෙන් තුලාම් සරවනන් මේ වනවිට තමිල්නාඩු ප්‍රාන්ත වැසියන් අතරේ ජනප්‍රිය වෙමින් සිටින බව ද වාර්තා වනවා.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය පැවැත්වෙන්නේ ලබන අප්‍රේල් 6 වැනිදායි.තුලාම් සරවනන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ තමිල්නාඩුවේ මදුරායි දකුණු මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමිනුයි.

තමන් ජයග්‍රහණය කළහොත් සිය මැතිවරණ කොට්ඨාශයේ සෑම නිවසකටම වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටියක් ලබා දෙන බවත්, මංගල උත්සවයකදී මනාලියගේ සියලු රන් ආභරණ ලබා දීමට කටයුතු කරන බවත්, නිවසේවල වැඩ කටයුතු පහසු කර ගැනීමට රොබෝවරයෙකු දෙන බවත්, ගමන් බිමන් සඳහා හෙලිකොප්ටරයක් ලබා දෙන බවත්, දින 100 ක් සඳහා සඳට යෑමට අවස්ථාව උදා කර දෙන බවත් සරවනන් මැතිවරණ වේදිකාවේ පවසා තිබෙනවා.

තනිවම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන තරුණ තරුණියන් සඳහා ඉන්දීය රුපියල් කෝටියක් ද, නිවසේ පරිහරණයට ඉන්දීය රුපියල් කෝටි 20 ක මෝටර් රථයක් ද, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා රුපියල් ලක්ෂයක් ද ලබා දීමට සරවනන් පොරොන්දු වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

ඊට අමතරව, මදුරායි දකුණු මැතිවරණ කොට්ඨාශයේ වැසියන්ට උණුසුමින් බේරී සිසිල්වීමට අඩි 300 ක් උස කෘත්‍රිමව නිපදවූ අයිස් කුට්ටියක් නගර මධ්‍යයට ගෙන ඒමට ද සරවනන් පොරොන්දු වී තිබීම විශේෂත්වයක්.

මෙවැනි අසාමාන්‍ය ඡන්ද පොරොන්දු දුන් සරවනන්, කෝටිපතියකු නොවන අතර, ඔහු මැතිවරණයට නාමයෝජනා බාර දී ඇත්තේ ද පොලී පදනම මත ණයක් ලබා ගනිමිනුයි.

සරවනන් ජීවත් වන්නේ ඔහුගේ දිළිඳු වයෝවෘද්ධ මාපියන් සමඟ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42