AFC Banner
Empty Ad
Empty Ad

ජා ඇල හෝටලයක සාදයක් මැද මනුෂ්‍ය ඝාතනයක් – සැකකරු පැනලා

ජා ඇල ප්‍රදේශයේ හෝටලයක ඊයේ (04) රාත්‍රියේ පැවති සාදයක් අතර තුර ඇති වූ බහින් බස්වීමක දී පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ජා ඇල, තුම්පෑලිය ප්‍රදේශයේ වයස අවුරුදු 34ක පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා සාදය අතර තුර තවත් පුද්ගලයෙකු සමඟ ඇති කරගත් බහින් බස්වීමක් දුරදිග ගොස් එම පුද්ගලයා විසින් මොහුට පහර දී පිහිනුම් තටාකයට තල්ලුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට පළාගොස් ඇති අතර, ඔහු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත ශරීරය මේ වනවිට මීගමුව රෝහලේ තැන්පත්කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?