AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳ මරණයට පත්කර කර සැමියාත් ගිනි තබාගෙන

අඟුරුමුල්ල ප්‍රදේශයේ නිවෙසක් තුළ පිළිස්සී මියගොස් සිටියදී හමුවූ අඹු-සැමි යුවළකගේ සිරුරු සම්බන්ධයෙන් වන මූලික සාක්ෂි විමසීම ගම්පොළ වැඩබලන
මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදු කර තිබෙනවා.

මෙම අඹු-සැමි යුවළ අතර දීර්ඝ කාලයක සිට ආරවුල් තිබී ඇති අතර මේ නිසා එකම ඉඩමේ සැමියා වෙනමත් බිරිය වෙනමත් ජීවත්ව සිටි බව එහිදී අනාවරණය වුණා.

බිරිය වෙනම ජීවත්ව සිටිය ද ඇය පැවරූ නඩත්තු නඩුවකින් පසු සැමියා ඇයට මාසිකව රුපියල් 12,000ක මුදලක් ලබාදෙමින් සිට ඇති අතර මෙම නඩත්තු මුදල ප්‍රමාණවත් නොවන්නේ යැයි බිරිය යළි ගම්පොළ පොලිසියට පැමිණිලි කොට තිබූ බව සාක්ෂි විමසීමේදී අනාවරණය වුණා.

මේ අතර සැමියා කාටත් හොර රහසේ තමන්ගේ නිවෙස තුළදී ලිපියක් ලියා පෙට්‍රල් කෑන් එකක්ද රැගෙන දියණියගේ නිවෙසට පහළින් ඇති බිරියගේ නිවෙස වෙත ගොස් තිබෙනවා.

නිවෙසේ කඩුල්ලෙන් පිටතදී බිරිඳගේ ගෙලට පිහි පහරක් එල්ල කරන්නට ඇතැයි සැක කරන අතර පසුව සිරුර ඇගේ නිවෙස තුළට ගෙන ගොස් පෙට්‍රල් දමා ගිනි තබා තිබුණා.

බිරිඳට ගිනි තබන අතර සැමියාද ගිනි තබාගැනීමෙන් මිය ගොස් සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?