බිරිඳ මරණයට පත්කර කර සැමියාත් ගිනි තබාගෙන

අඟුරුමුල්ල ප්‍රදේශයේ නිවෙසක් තුළ පිළිස්සී මියගොස් සිටියදී හමුවූ අඹු-සැමි යුවළකගේ සිරුරු සම්බන්ධයෙන් වන මූලික සාක්ෂි විමසීම ගම්පොළ වැඩබලන
මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදු කර තිබෙනවා.

මෙම අඹු-සැමි යුවළ අතර දීර්ඝ කාලයක සිට ආරවුල් තිබී ඇති අතර මේ නිසා එකම ඉඩමේ සැමියා වෙනමත් බිරිය වෙනමත් ජීවත්ව සිටි බව එහිදී අනාවරණය වුණා.

බිරිය වෙනම ජීවත්ව සිටිය ද ඇය පැවරූ නඩත්තු නඩුවකින් පසු සැමියා ඇයට මාසිකව රුපියල් 12,000ක මුදලක් ලබාදෙමින් සිට ඇති අතර මෙම නඩත්තු මුදල ප්‍රමාණවත් නොවන්නේ යැයි බිරිය යළි ගම්පොළ පොලිසියට පැමිණිලි කොට තිබූ බව සාක්ෂි විමසීමේදී අනාවරණය වුණා.

මේ අතර සැමියා කාටත් හොර රහසේ තමන්ගේ නිවෙස තුළදී ලිපියක් ලියා පෙට්‍රල් කෑන් එකක්ද රැගෙන දියණියගේ නිවෙසට පහළින් ඇති බිරියගේ නිවෙස වෙත ගොස් තිබෙනවා.

නිවෙසේ කඩුල්ලෙන් පිටතදී බිරිඳගේ ගෙලට පිහි පහරක් එල්ල කරන්නට ඇතැයි සැක කරන අතර පසුව සිරුර ඇගේ නිවෙස තුළට ගෙන ගොස් පෙට්‍රල් දමා ගිනි තබා තිබුණා.

බිරිඳට ගිනි තබන අතර සැමියාද ගිනි තබාගැනීමෙන් මිය ගොස් සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09