හන්තානේ අතරමංවූ සිසුන් 180 හමුවෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

ඒ යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදීයි.

සිසුන් 60ක් සහ සිසුවියන් 120ක් මෙම කණ්ඩායමට අයත් අතර පැය 06ක පමණ මෙහෙයුමකින් පසුවයි මෙම පිරිස බේරා ගෙන ඇත්තේ.

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසු සිසුවියන් 180 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ හන්තාන කඳුවැටියේ අතරමංව සිටියා.

අයහපත් කාලගුණය හේතුවෙන් අතරමං වූ සිසුන් සමඟ කිසිදු සන්නිවේදනයක් ස්ථාපිත කරගැනීමට නොහැකිව තිබූ අතර පසුව ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකිව තිබුණා. ඒ අනුවයි පොලිසිය සහ යුද හමුදාව එක්ව ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළේ.

බේරා ගත් පිරිස අතරින් සිසුන් හතර දෙනෙකු අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසු වූ බැවින් ඔවුන් මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අධික සීතලට ඔරොත්තු නොදීම, කම්පනය, කූඩැල්ලන් කෑම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්වයන්ගෙන් පෙළෙන ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.

මේ දිනවල අධික වර්ෂාව සහ පවතින මීදුම් තත්ත්වය හේතුවෙන් නුපුරුදු පිරිස් අනාරක්ෂිතව හන්තාන කන්ද තරණය කිරීමට යාමෙන් වළකින ලෙසට සහ පළපුරුදු මග පෙන්වන්නන් ගේ සහාය ලබාගත යුතු බවයි පොලිසිය දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21