භාණ්ඩ හා සේවා අපනයනය වැඩිදියුණු කරන්න අංශ කිහිපයකින් අදහස්

මෙරට භාණ්ඩ හා සේවා අපනයනය වැඩි දියුණු කිරීම සඳහා අදහස් ලබාගැනීමට විවිධ අංශ නියෝජනය කරන සංගම් කිහිපයක් භාණ්ඩ හා සේවා අපනයනය වැඩිදියුණු කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට කැඳවා තිබෙනවා.

මේ අනුව මෙම කාරක සභාව වෙත කැඳවා තිබුණේ මව්බිම සුරක්ෂා එකමුතුව, ජාතික පාරිභෝගික පෙරමුණ, එක්සත් සහයෝගීතා පෙරමුණ, කුරුදු අපනයන හිමියන්ගේ සංගමය, කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය, ඉදිකිරීම් සේවක සංගමය, සමස්ථ ලංකා කුලී නිවැසියන්ගේ සංගමය සහ පහත රට ඉඩම් හිමියන්ගේ සංගමයයි.

මෙම කණ්ඩායම් කැඳවා තිබුණේ භාණ්ඩ හා සේවා අපනයනය වැඩිදියුණු කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරන මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී මෙම එක් එක් අංශ තමන්ගේ යෝජනා සහ අදහස් කාරක සභාව වෙත ඉදිරිපත්කිරීම සිදු වුණා. මව්බිම සුරක්ෂා එකමුතුව කමිටුවට සඳහන් කළේ මෙරට කෘෂි ආර්ථිකය වැඩි දියුණු කළ යුතු බවත් විශේෂයෙන්ම ගෘහස්ථ කෘෂි ආර්ථිකය වැඩි දියුණු කිරීම කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි.

වෙළඳපොළ භාණ්ඩ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අතරමැදියන් විශාල ලාභයක් ලබා ගන්නා බවත් මෙම තත්ත්වය නැති කර භාණ්ඩ නිෂ්පාදකයන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණ පෙන්වා දුන්නා. එක්සත් සහයෝගීතා පෙරමුණ කියාසිටියේ මෙරට අධ්‍යාපනයට නීතිය පිළිබඳ කොටසක් ඇතුළත් කිරීම වැදගත් වන බවයි.

අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ වන කුඩා පරිමාණ අපනයන කරුවන් දිරිමත් කළ යුතු බව කුරුඳු අපනයන හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය පෙන්වා දුන්නේ Uber, PickMe වැනි ජංගම යෙදවුම් (App) මෙරට තුළ සකස්කොට ක්‍රියාත්මක කිරීම විදේශ විනිමය මෙරට තුළ ඉතිරි කර ගැනීමට හොඳ ක්‍රමයක් වන බවයි.

අමුද්‍රව්‍ය මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන යාම වැදගත් වන බව ඉදිකිරීම් සේවක සංගමය සඳහන් කළා. එසේම මිල ගණන් අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද කමිටුවෙන් ඉල්ලා සිටියා. සමස්ථ ලංකා කුලී නිවැසියන්ගේ සංගමය සඳහන් කළේ බහුතරක් කුලී හිමියන්ට මේ රටේ ඡන්ද අයිතිය නොමැති බවයි. එසේම දරුවන් පාසැලකට ඇතුළත් කිරීමේදී විශාල ගැටලු සංඛ්‍යාවක් පවතින අතර බැංකු ණයක් ලබාගැනීම අපහසු තත්ත්වයක පවතින බවයි ඔවුන් කියාසිටියේ. මේ නිසා මේ වෙනුවෙන් විසදුම් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.

පහත රට ඉඩම් හිමියන්ගේ සංගමය පෙන්වා දුන්නේ තේ කර්මාන්තය මේ වන විට අඩපණ වී ඇති බැවින් මේ කෙරෙහි රජය අවධානය යොමු කළ යුතු බවයි.

මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා මෙම කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය පාර්ශවවල අවධානය යොමු කරවන බව සඳහන් කළ අතර ඇතැම් කරුණු සම්බන්ධයෙන් පැමිණ සිටි රජයේ නිලධාරීන්ගේ අවධානයට යොමු කරවීමද සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32