පුංචි ඡන්දයේ පෙත්සම් විභාගය ලබන සඳුදා තෙක් කල් යයි

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (01) තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණා.

ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කරනු ලබන නාම යෝජනා වලට අදාළව අපේක්ෂකයින්ගෙන් ඇප මුදල් භාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දිවයිනේ සියලුම තේරීම් භාර නිලධාරීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බව සඳහන් කළා.

පළාත් පාලන ඡන්ද විමසීම නොපවත්වා එය කල් දැමීමට තිබූ අරමුණ ඉන් පැහැදිලි වන බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් ආර්ථිකය අඩපන වී කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය දැඩි පසුබෑමක් ලක්ව පැවැති 2020 වසරේ පවා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කොට අදාළ මැතිවරණ කල් දැමීමකින් තොරව පැවැත්වූ බවත් ජනාධිපති නීතිඥවරයා සිහිපත් කළා.

පසුගිය වසර 30 පුරාවටම ඉදිරිපත් කළ සෑම වාර්ශික අයවැයකම “අයවැය හිඟයක්” පවතිද් දී පවා සෑම වසරකම මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කරුනු බවත් ඔහු සිහිපත් කළා.

එසේම 2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තුළින් මැතිවරණ කටයුතු සඳහා රුපියල් බිලියන 10 කට අධික මුදලක් වෙන් කර තිබියදී පළාත් පාලන ඡන්ද විමසීම සඳහා එම මුදල් මුදාහැරීම වැලැක්වීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වග උත්තරකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඔහු චෝදනා කළා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන සඳුදා තෙක් කල් තැබුණා.

පළාත් පාලන ඡන්ද විමසීම ඉකුත් මාර්තු මස නව වනදා නියමිත පරිදි නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සදහන් කරමින් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆරල් සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28