විදුහල්පතිනිය දණගැස් වූ සිද්ධියේ චාමරට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී

2018 වසරේ දී පාසලට ළමයකු ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන්ව දණගස්වා හිරිහැර සිදුකළ බවට චෝදනා කරමින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යලයේ විදුහල්පතිනිය විසින් එවක ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා කරගත්තා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් සමථ මණ්ඩලය හමුවේ ඇති කරගත් සමථයක් අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සිදුවුණා.

මෙම පෙත්සම අද (01) විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ අදාළ සිද්ධිය දැනටමත් බදුල්ල සමථ මණ්ඩලයේ දී සමථයකට පත් වී ඇති බවයි.

ඒ, අනුව මෙම පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර විදුහල්පතිනි භවානී රඝුනාදන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය අනතුරුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34