විදුහල්පතිනිය දණගැස් වූ සිද්ධියේ චාමරට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී

2018 වසරේ දී පාසලට ළමයකු ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන්ව දණගස්වා හිරිහැර සිදුකළ බවට චෝදනා කරමින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යලයේ විදුහල්පතිනිය විසින් එවක ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා කරගත්තා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් සමථ මණ්ඩලය හමුවේ ඇති කරගත් සමථයක් අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සිදුවුණා.

මෙම පෙත්සම අද (01) විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ අදාළ සිද්ධිය දැනටමත් බදුල්ල සමථ මණ්ඩලයේ දී සමථයකට පත් වී ඇති බවයි.

ඒ, අනුව මෙම පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර විදුහල්පතිනි භවානී රඝුනාදන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය අනතුරුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
10
+1
1
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?