AFC Banner
AFC Banner
Empty Ad

අනවසර විදුලි රැහැන පිටුපස සංවේදී කතාව

නිවසේ එළවළු කොටුව සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තමන් විසින්ම ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී පියෙක් සහ සිඟිති දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ කනගාටුදායක පුවත අපට වාර්තාවන්නේ පුස්සැල්ලාව මායිම්පල ප්‍රදේශයෙන්.

පුස්සැල්ලාව – මායිම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි සුනිල් ශාන්ත කුමාර තිදරු පියෙක්. මීට මාස 4කට කලින් ඔහුගේ බිරිඳ විදෙස් රැකියාවකට පිටත්ව යන්නේ අඟහිඟකම් පිරි ජීවිතයෙන් මිදී දරුවන්ට යහපත් හෙට දවසක් නිර්මාණය කර ගැනීමේ අපේක්ෂාව ඇතිවයි.

සුනිල් ශාන්ත ඔහුගේ අවුරුදු 11ත්, 7ත් වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනා සහ අවුරුදු 2යි මාස 8ක් වයසැති දියණිය සමඟ ජීවත්වුණා.

ඔහු මෙම එළවලු කොටුව පවත්වාගෙන ගියේ බිරිඳගේ කර මත පවුලේ සමස්ත බර පැටවෙන්නට ඉඩ නොදී ජීවන අරගලයට යම් සහනයක් ලබා ගැනීමේ අරමුණින්.

නිවසට යාබදව සකස් කර ගත් එළවලු කොටුවේ අඩියක් පමණ උසට කම්බි යොදා නිවසේ සිට විදුලි රැහැනක් ඇද තිබුණේ තම වගාව සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සදහායි.

උදෑසන තම පිරිමි දරුවා පාසල් යවා සිය මිරිස් වගාවට බෙහෙත් ඉසින්නට එළවළු කොටුව වෙත ගිය යන්නට ඇතැයි විශ්වාස කරන සුනිල් ශාන්තට සහ දෙහැවිරිදි සිඟිති දියණියට ආපසු එන්නට දෛවය ඉඩ දී තිබුණේ නැහැ.

ඊයේ පස්වරුවේ අසල්වැසියෙක් මෙම නිවස වෙත පැමිණ තිබුණේ ප්‍රදේශයේ වෙනත් මළගෙයක් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමටයි.

ඒ වන විටත් නිවසේ කිසිවෙක් නොසිටි බැවින් ඔහු නිවස ආසන්නයේ පිහිටි එළවළු කොටුව වෙත පැමිණ තිබුණා.

එළවලු කොටුවේ වැටී සිටි පියා සහ දියණිය ගම්පොල මූලික රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටියා.

අනවසර විදුලි රැහැනේ පැටලී ඔවුන්ට විදුලි සැර වැදෙන්නට ඇතැයි සැලකෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?