අනවසර විදුලි රැහැන පිටුපස සංවේදී කතාව

නිවසේ එළවළු කොටුව සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තමන් විසින්ම ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී පියෙක් සහ සිඟිති දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ කනගාටුදායක පුවත අපට වාර්තාවන්නේ පුස්සැල්ලාව මායිම්පල ප්‍රදේශයෙන්.

පුස්සැල්ලාව – මායිම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි සුනිල් ශාන්ත කුමාර තිදරු පියෙක්. මීට මාස 4කට කලින් ඔහුගේ බිරිඳ විදෙස් රැකියාවකට පිටත්ව යන්නේ අඟහිඟකම් පිරි ජීවිතයෙන් මිදී දරුවන්ට යහපත් හෙට දවසක් නිර්මාණය කර ගැනීමේ අපේක්ෂාව ඇතිවයි.

සුනිල් ශාන්ත ඔහුගේ අවුරුදු 11ත්, 7ත් වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනා සහ අවුරුදු 2යි මාස 8ක් වයසැති දියණිය සමඟ ජීවත්වුණා.

ඔහු මෙම එළවලු කොටුව පවත්වාගෙන ගියේ බිරිඳගේ කර මත පවුලේ සමස්ත බර පැටවෙන්නට ඉඩ නොදී ජීවන අරගලයට යම් සහනයක් ලබා ගැනීමේ අරමුණින්.

නිවසට යාබදව සකස් කර ගත් එළවලු කොටුවේ අඩියක් පමණ උසට කම්බි යොදා නිවසේ සිට විදුලි රැහැනක් ඇද තිබුණේ තම වගාව සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සදහායි.

උදෑසන තම පිරිමි දරුවා පාසල් යවා සිය මිරිස් වගාවට බෙහෙත් ඉසින්නට එළවළු කොටුව වෙත ගිය යන්නට ඇතැයි විශ්වාස කරන සුනිල් ශාන්තට සහ දෙහැවිරිදි සිඟිති දියණියට ආපසු එන්නට දෛවය ඉඩ දී තිබුණේ නැහැ.

ඊයේ පස්වරුවේ අසල්වැසියෙක් මෙම නිවස වෙත පැමිණ තිබුණේ ප්‍රදේශයේ වෙනත් මළගෙයක් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමටයි.

ඒ වන විටත් නිවසේ කිසිවෙක් නොසිටි බැවින් ඔහු නිවස ආසන්නයේ පිහිටි එළවළු කොටුව වෙත පැමිණ තිබුණා.

එළවලු කොටුවේ වැටී සිටි පියා සහ දියණිය ගම්පොල මූලික රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටියා.

අනවසර විදුලි රැහැනේ පැටලී ඔවුන්ට විදුලි සැර වැදෙන්නට ඇතැයි සැලකෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04