අතුරුදන්ව සිටි තරුණියගේ සිරුර හමුවෙයි (වීඩියෝ)

මීට දින කිහිපයකට පෙර පෙර අතුරුදන්ව සිටි තරුණියගේ මළ සිරුර ඇය අතුරුදන් වූ බවට සැක කෙරුණු වැලිපැන්න ඇලේ මීගම තොටුපල ආසන්නයේ කිලෝමීටර් 5ක් පමණ ඈතින් පිහිටි ඉවුරක් ආසන්නයෙන් හමුවී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියක්. මෙම සිරුර අතුරුදන්ව සිටි තරුණියගේ බව ඇයගේ ඥාතියෙකු විසින් හඳුනාගෙන තිබෙනවා.

මෙම තරුණියගේ පියා වැලිපැන්න පොලිසියට කළ පැමිණිල්ලක් මත ඇය සොයා පොලිසිය පරීක්ෂණ සිදු කර තිබුණේ පොලිස් නිල සුනඛ සහාය ද ලබා ගනිමින්.

තරුණිය පසුගිය 27 වනදා රාත්‍රි සිට අතුරුදන් බවට පියා ප්‍රකාශ කර තිබූ අතර ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවටයි මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ.

ඇය පැළඳ සිටි සෙරෙප්පුවක් නිවස ආසන්නයේ පිහිටි වැලිපැන්න ඇල ඉවුරේ තිබී සොයාගෙන තිබූ අතර ඒ අනුව ඇය දියේ ගිලී කිසියම් අනතුරක් සිදුව ඇති බවට අනුමාන කර පොලිසිය පොලිසිය පරීක්ෂණ සිදු කර තිබුණා.

අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදු කළ අතර හදිසි මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතයි.