රාහුල් ඩ්‍රාවිඩ් BCCI තීරණය පිළිගනියි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තමන් තවදුරටත් කටයුතු කිරීමට කැමති බව රාහුල් ඩ්‍රාවිඩ් පවසා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; ඩ්‍රාවිඩ් ඊයේ පස්වරුවේ දී සිය තීරණය ගැන දැනුම්දී ඇති බවයි.

නමුත් ඩ්‍රාවිඩ්ගේ ධුර කාලයේ කාලය පිළිබඳ ව මෙතෙක් නිල වශයෙන් සඳහනක් නැහැ.

එය බොහෝ විට ලබන වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය දක්වා ක්‍රියාත්මක වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

2021 වසරේ දී රවී ශාස්ත්‍රිගෙන් පසුවයි ඩ්‍රාවිඩ් ඉන්දීය ප්‍රධාන පුහුණුකාරී ධුරය භාරගන්නේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ ඩ්‍රාවිඩ්ගේ ධුර කාලය තුළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ විශාල ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත්; එබැවින් ඔහු හට යළිත් එම ධුරය ලබාදීමට තීරණය කෙරුණු බවයි.

රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධුර කාලය තුළ ඉන්දීය කණ්ඩායම තුන් ආකාරයේ ම ක්‍රිකට් රටාවෙන් පෙරමුණට පැමිණ ඇති අතර, ICC කුසලානයක් දිනාගත නොහැකි වුව ද, ටෙස්ට් ලෝක කුසලානය, එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ අනු ශූරයින් වීමට හැකි වී තිබෙනවා.

එබැවින් යළිත් නව පුහුණුකරුවෙකු පත් කළහොත්; ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පසුබැසීම් සිදු විය හැකි බැවින් එය සිදු නොකළ යුතු බවටයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විශ්වාස කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18