ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය යළිත් ඩ්‍රාවිඩ්ගේ හිස මතට ?

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාහුල් ඩ්‍රාවිඩ්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් මෙම තීරණය ගනු ලැබූ බවයි වාර්තා වන්නේ.

නමුත් එය යළිත් පිළිගන්නවා ද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් ඩ්‍රාවිඩ් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

BCCI මෙම තීරණය ගැනීමට සිදු වූ ආසන්නතම සිදුවීම වන්නේ මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගය දක්වා අපරාජිත ව විශිෂ්ට ජයග්‍රහණ රැසක් ලබා ගනිමින් පැමිණීමයි.

නමුත් ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පවා පෙරමුණේ සිටියද, අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වුණා.

මීට පෙර ද මෙම යෝජනාව සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය රාහුල්ගෙන් අදහස් විමසුව ද, ඊට පිළිතුරු ඔහුගේ පාර්ශ්වයෙන් හිමිවූයේ නැහැ.

ඩ්‍රාවිඩ්ට සිටි පුහුණු කාර්‍යය මණ්ඩලය සමගින් ම මෙම අවස්ථාව යළිත් ලබාදීමටයි BCCI තීරණය කර ඇත්තේ.

ඩ්‍රාවිඩ් එම යෝජනාව භාර ගන්නේ නම්; ඔහුගේ දෙවැනි ධුර කාලයේ දී පළමු පැවරුම වන්නේ එළඹෙන දෙසැම්බර් 10 වැනිදා ආරම්භ වන දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් සංචාරයයි.

ඉන් පසුව එංගලන්තයට එරෙහිව 20-20 ක්‍රිකට් ලෝක කුසලානයට පෙර ජුනි මාසයේ දී තරග 05කින් යුත් ටෙස්ට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

2021 වර්ෂයේ පන්දුවාර 20 එක්දින ලෝක කුසලානයෙන් පසුව රවී ශාස්ත්‍රී වෙනුවටයි ඩ්‍රාවිඩ් ව පත් කෙරුණේ.

ඩ්‍රාවිඩ්ගේ මගපෙන්වීම් යටතේ ඉන්දීය කණ්ඩායම මෑතකදී අනුශූරතා ද්විත්වයක් ද, ලබාගත් වීම ම ඩ්‍රාවිඩ්ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් වැඩි ලකුණු ලැබීමට හේතුවක් ව තිබෙනවා.

රාහුල් ඩ්‍රාවිඩ් දිගට ම ප්‍රධාන පුහුණුකාරීත්වය වසර දෙකක් සඳහා ලබා ගැනීමට එකඟ වුවහොත්, ඔහුට සහාය පුහුණුකරුවන් ලෙස එක් වූ පිතිකරණ පුහුණුකරු වික්‍රම් රථූර්, පන්දු යැවීමේ පුහුණුකරු පරාස් මාම්බ්‍ සහ පන්දු රැකීමේ පුහුණුකරු ටී. දිලිප් යන පිරිස ද හිමිවනු ඇති.

ඔවුන් රාහුල් සමග 2021 සිට ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සහාය පළ කරන්නන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03