AFC Banner
Empty Ad
Empty Ad

ගමන් කරමින් තිබූ පාසල් වෑන් රථයක දොර විවෘත වීම හේතුවෙන් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ වැල්ලවාය, ඇල්ල මාර්ගයේ හුණුකැටිය හංදිය ප්‍රදේශයේ දී අද (25) දහවල් සිදු වූ අවාසනාවන්ත රිය අනතුරකින් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෑන් රථය, පෙර පාසල් නිමවී යලි නිවෙස් බලා යන ලමුන් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, එලෙස ගමන් කරමින් සිටින අතර හදිසියේ දොර විවෘත වීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවට දැනට අනාවරණය වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, පරගහ ආරාව,ඌව කරදගොල්ල ඇල්ල ලිපිනයේ පදිංචි වයස අවුරුදු පහක් වන වනිගසූරිය මුදියන්සේලාගේ අනුහස් නැමැති දරුවෙකු බවයි වැල්ලවාය පොලිසිය ප්‍රකාශ කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා වැල්ලවාය මූලික රෝහලට කඩිනමින් ඇතුළුත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටිබව වැල්ලවාය රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළා.

අනතුර සම්බන්ධයෙන් වැන් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හෙට (26) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
54
+1
1
+1
7
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?