අපයෝජන චෝදනාවකට ලක්ව පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරු සියදිවි නසාගනී

අතුරුගිරිය පොලීසියේ සිරමැදිරියක් තුළ දී සැකකරුවකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ලිංගික අපයෝජන චෝදනා මත අත්අඩංගුවට රඳවා සිටි සැකකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පනාගොඩ – රොමියෙල් මාවතේ පදින්න්චිව සිටි 54 හැවිරිදි දෙදරු පියෙක්.

හෝමාගම, පනාගොඩ, මාදෙණියවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 19ක තරුණියක් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු
අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ තරුණියට පැවති අසනීප තත්ත්වයක් සුවපත් කිරීමට යාගහෝම මඟින් ප්‍රතිකර්මයක් සිදුකිරීමට අවශ්‍ය බව පවසා ඇයව සැකකරු ඉකුත් අගෝස්තු 01 වනදා සිය නිවසට කැඳවාගෙන ගොස් තිබුණා.

එලෙස නිවසට කැඳවාගෙන ගොස් ඇති තරුණියව සැකකරු විසින් අපයෝජනය කළ බවටයි පැමිණිලි කර ඇත්තේ.

ඒ, අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරිය තුළ රඳවා සිටිය දී මෙලෙස සියදිවි නසාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

අපයෝජනයට ලක් වූ බව කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18