තුන් ලක්‍ෂයක් ගෙවා හෝටලයක නිරෝධායන වුනු අයෙකුට හමුදා නිලධාරියෙක් කණ පැලෙන්න ගහයි..

විදෙස් රටක සිට පැමිණ බෙන්තොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක නිරෝධායන වෙමින් සිටී වාරියපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට යුද්ධ හමුදා නිලධාරියකු සිදුකළ බව කියන පහරදීමක් හේතුවෙන් එම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි නාගොඩ රෝහල් පොලිසිය අද (25) පැවසීය .

මෙලෙස පහර කෑමකට ලක් ඇතැයි කියන සම්පත් එදිරිසිංහ නැමැති පුද්ගලයා කුවේට් සිට මෙරටට පැමිණි කණ්ඩායමක අයෙකු වන අතර එම සංචාරක හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථානය භාරව සිටින ගාල්ල ප්‍රදේශයේ හමුදා කඳවුර කින් පැමිණ ඇති නිලධාරියකු මෙම පහරදීම සිදු කර ඇතැයි පැවසේ .

නිරෝධායනයවෙමින් සිටී එම පුද්ගලයා ඊට අදාළ ගාස්තු වශයෙන් රුපියල් දෙලක්ෂ අනු දහසක මුදලක් එම හෝටලයට ගෙවා ඇති බවත් එහිදී සේවා සැපයීමේදී සිදුවී තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් ඇති වූ කතා බහක් මෙම පහර කෑමට හේතු වී ඇතැයි සඳහන් කරයි .

එම පහර කෑමට ලක්වූ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයාගේ එක් කන්බෙරය එකට මෙයින් හානි සිදුවී ඇතැයි ඔහු පරික්ෂා කළ වෛද්‍යවරුන් නිගමනය කර ඇතැයි රෝහල් ප්‍රකාශකයා සඳහන් කළහ .

කළුතර නාගොඩ රෝහලේ 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී න එම පුද්ගලයා ගේ තත්ත්වය බරපතළ නොවන බව වත් රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇතැයි කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තඹර කළුබෝවිල මහතා ගෙන් අද 25 පෙරවරුවේ කළ විමසීමේදී පැවසීය.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18