2024 අයවැය යෝජනා ගැන වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන දැනුවත් කෙරේ

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවැත් වුණා.

වෘත්තීය සමිති නායකයන්, ජාතික තරුණ සේවා සභාවේ නියෝජිතයන්, තරුණ සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් ඊට එක්ව සිටි බවයි වාර්තා වුණේ.

වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීම අරමුණු කර ගනිමින් දිගුකාලීන ප්‍රතිසංස්කරණ රැසක් මෙවර අයවැයට ඇතුළත් කර තිබෙන බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මෙහි දී සඳහන් කළා.

රට තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සහ ලෝක ආර්ථිකය සමඟ තරග කළ හැකි අන්දමින් මෙරට ආර්ථිකය ප්‍රතිස්ථාපනය කිරීම ප්‍රමුඛ අරමුණක් බවත් එය සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සකච්ඡා කර වසර හතරක වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවත් ඔහු මෙහි දී පැවසුවා.

රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබාදීම, ගොවි ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම,රාජ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය, දේශීය ව්‍යවසායකයන් නගා සිටුවීම යන යෝජනා හරහා මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වන ආකාරය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් පැහැදිලි කෙරුණා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ද 2024 අයවැය යෝජනා සහ ඉන් රටට ලැබෙන කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිලාභ පිළිබඳ කරුණු පැහැදිලි කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26