ක්‍රිකට් නඩුව යළිත් හෙටට කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචි අත්හිටුවා ඒ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණා.

සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදු වෙනවා.

අද දින පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති අර්ජුන රණතුංග ඇතුළු එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ අතුරු තහනම් නියෝගය සහ නොතීසි ලබාගෙන තිබෙන්නේ සත්‍ය කරුණු වසන් කිරීමෙන් බවත් ඒ අනුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියා.

” නොවැම්බර් මස 7 වනදා මෙම නඩුව මුලින්ම සලකා බැලූ අවස්ථාවේ දී වග උත්තරකරුවන්ට නොතීසි භාරදුන් බව පෙත්සම්කාර පාර්ශ්වය සදහන් කළා. එහෙත් මාගේ සේවාදායකයින්ට මේ දක්වා නොතීසි ලැබී නෑ. එසේ තිබියදී නොතීසි භාරදුන් බව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු කියන්නේ කෙසේද? ඔවුන් හිතාමතාම වග උත්තරකරුවන් අධිකරණය හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම වළක්වා තිබෙනවා.


අභියාචනාධිකරණ රීතීන් 2(1) අනුව මෙවැනි අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට පෙර වග උත්තරකරුවන්ට නොතීසි භාර දී ඔවුන් අධිකරණය හමුවට කැඳවා කරුණු විමසිය යුතු බව සඳහන් වෙනවා. එහෙත් මෙම නඩුකරයේ දී පෙත්සම්කරු අදාළ රීතිය හිතාමතාම උල්ලංඝනය කරමින් අධිකරණය නොමග යවා අදාළ තහනම් නියෝග ලබාගෙන තිබෙන බව සඳහන් කළ යුතුයි. ඒ හරහා ඔවුන් අධිකරණය අපහසුතාවට පත්කර තිබෙනවා.” යනුවෙන් සඳහන් කර සිටියා.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ පීරිස් මහතා ” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ පුද්ගලික පදනමකින්. එසේම ක්‍රිකට් ආයතනයේ සෙසු නිලධාරීන්, විධායක කමිටුවේ නිලධාරීන් ඇතුළු පිරිස් මෙම නඩුකරයේ අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන්. ඔවුන් මේ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර නෑ. ඔවුන් අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන්. ඔවුන් අධිකරණය හමුවට කැඳවා කරුණු විමසීමකින් තොරවයි අතුරු තහනම් නියෝග නිකුත් කර තිබෙන්නේ” යනුවෙන් සඳහන් කර සිටියා.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ පූර්ණ සහාය තමන්ට පවතින බව සඳහන් ලිපියක් පෙත්සම්කරු විසින් අධිකරනයට ඉදිරිපත් කර තිබෙනවා. එම ලිපියේ විධායක කමිටුවේ සාමාජිකයින් අත්සන් තබා නෑ. මේක අවිධිමත් ලිපියක්. එය නීතිය ඉදිරියේ වලංගු ලිපියක් නොවෙයි. මේක සම්පූර්ණයෙන්ම අධිකරණය නොමග යවන ක්‍රියාවක්” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම කරුණු මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කල් යුතු බවත් සඳහන් කළා.

එහිදී ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයින් පෙත්සම්කරුට සහාය පළ කරමින් ලිපියක් නිකුත් කර ඇති අතර එහි ඇතැම් සාමාජිකයින් විදේශගත ව සිටීම හේතුවෙන් ඔවුන් ඊට අත්සන් යොදා නොමැති බව සඳහන් කර සිටියා.

රජයේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ පෙත්සම්කරුට හෝ ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයින්ට කිසිදු චෝදනාවක් එල්ල කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා;

” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගනකාධිපති වාර්තාවේ මූල්‍ය අක්‍රමිකතා, අවිධිමත් ක්‍රියා, විනිවිදභාවයෙන් තොර ක්‍රියා රැසක් වාර්තා කර තිබුණා. විශේෂයෙන්ම ඔස්ට්‍රෙලියාවේ පැවති ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී සිදු වූ අක්‍රමිකතා ඒ අතර ප්‍රධානයි. එම තරගාවලියට විශාල ලෙස අනවශ්‍ය පුද්ගලයින් ඔස්ට්‍රේලියාවට රැගෙන යාම, ගුවන් ටිකට්පත් මිල දී ගැනිම් වැනි කටයුතු ඇතුළත්. මෙම කටයුතුවල දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ ජාතික ආයතනයක්. එහි තිබෙන මුදල් හිතුමතේ වියදම් කිරීමට පෙත්සම්කරුට අවසර නෑ. ඔවුන් මුදල් අවභාවිතා කොට තිබෙනවා” යනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියා.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම හා තමාගේ සම්බන්ධයක් නොමැති බව පෙත්සම්කරු ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යැවූ ලිපි තුනක් ප්‍රසිද්ධියට පත් කළා. එම ලිපිවලින් මනාව පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට පෙත්සම්කරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බලපෑම් සිදුකළ ආකාරය. අදාළ ලිපි මෙම නඩුව ගොනු කළ මුල් අවස්ථාවේදී පෙත්සම්කරු අධිකරනයට ඉදිරිපත් නොකළේ ඇයි? ක්‍රීඩා ඇමතිවරයා ඒවා ප්‍රසිද්ධියට පත් කළ පසුවදා තමයි ඔහු මෝසමක් මාර්ගයෙන් අදාළ ලිපි අධිකරණයට ඉදිරිපත් කළේ. මේක පෙත්සම්කරු විසින් සිදුකළ හිතාමතාම අධිකරණයට කරුණු වසන් කිරීමක්.” යනුවෙන් චෝදනා කර සිටියා.

විනිසුරු සෝභිත රාජකරුණා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ වාර්තාවක් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා. එම වාර්තාව අධ්‍යයනය කොට විෂයභාර අමාත්‍යවරයා වෙත ඉදිරි පියවර වාර්තා කිරීම ක්‍රිකට් අතුරු කමිටුවට පැවරෙන වගකීමක්. එම වගකීම නිසියාකාරව ඉටු කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම සඳහායි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවීමට කටයුතු කළේ. එහෙත් අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝග නිසා අතුරු කමිටුවට එම කාර්යය ඉටු කිරීමට නොහැකි වී තිබෙනවා.” යනුවෙන් සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්” ක්‍රීඩා අමාත්‍යවරයා මෙම අතුරු පාලක කමිටුව පත් කර තිබෙන්නේ ක්‍රිකට් ආයතනය තුළ දූෂණ අක්‍රමිකතා සිදු වී ඇතැයි ඔහු තුළ ඇති කරගත් පූර්ව නිගමනයක් පදනම් කරගෙනයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මහජන විශ්වාසය කඩ වී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. විධිමත් විමර්ශනයක් නොපවත්වා එවැන්නක් ප්‍රකාශ කරන්නේ කෙසේද? ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල සඳහන් තොරතුරු පදනම් කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයාට මෙවැනි තීරණවලට එළඹෙන්න බෑ. ක්‍රීඩා පනත යටතේ මෙවැනි ක්‍රියා සිදු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට අවසර නෑ. ඒ නිසා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා අතුරු පාලක කමිටුව පත් කිරීම සම්පූර්ණයෙන් ම නීතියට පටහැනියි” යනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා සඳහන් කළා.

ඉන් අනතුරුව වැඩිදුර සලකා බැලීම හෙට දින තෙක් කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන යාපනය ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57

?