බණ්ඩි පොහොර මිල අඩු කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

බණ්ඩි පොහොර මිල මෙම මහ කන්නයේදී රුපියල් 9000දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පසුගිය යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි පිරිනැමීමේ අවස්ථාවට අද පෙරවරුවේ ඇඹිලිපිටියේදී එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

ඒ අනුව රුපියල් 19,000කට අලෙවි කළ බන්ඩි පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබුනු බව අමාත්‍යවරයා සඳහන් කළා.

රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් එම මිලට බන්ඩි පොහොර ලබා දීම සිදු කරනවා.

මේ අතර යල කන්නයේ දී වලව කලාපයේ වගාහානි සිදු වූ ගොවීන්ට අද දින රුපියල් ලක්ෂ 1000ක මුදලක් රජය විසින් පිරිනමනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59