කීරි සම්බාවලට සමාන සහල් තොගයක් ආනයනයට පියවර – සීනි ගැනත් තීරණයක්

එළෙඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගරු නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ රටේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් වෙළඳපොළට කිරී සම්බා සහල් තොග නිකුත් නොකර තොග සඟවා ගැනීම මගින් කෘතීම ලෙස කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බවයි. එම තත්ත්වය සමනය කිරීමට අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙන බව ද ඔහු කියාසිටියා.

ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මුහුණ දෙන ගැටළු කෙරෙහි අවධානය යොමු කර ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීමට ක්‍රමවේදයක් සැලසුම් කරන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසුව සීනි තොග සඟවා ගැනීම හේතුවෙන් දේශීය වෙළඳපොළ තුළ සීනි හිඟයක් දක්නට ලැබෙන බවත් වෙළඳපොළේ සීනි බෙදා හැරීමට නොහැකි තත්ත්වයක් තුළ ආනයනකරුවන් විසින් සීනි ආනයනය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වන බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

එබැවින්,සීනි තොග හිඟ වීමේ අවධානමක් පපවතින අතර කරුණු සියල්ල සැලකිල්ලට ගෙන සීනි මත පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඉදිරියේ දී දේශීය වෙළඳපොළේ සීනි බෙදා හැරීම යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන තිබෙන බව ද ඔහු අවධාරණය කළා.

ලංකා සතොස විසින් පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ දැරිය හැකි මිලකට ලබා දීමට සමත් වී තිබෙන අතර එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට ලංකා සතොස විසින් කටයුතු සිදු කර තිබෙන බව ද නලින් ප්‍රනාන්දු මහතා කියාසිටියා.

මහපොළ භාරකාර අරමුදලේ නිර්මාතෘ දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා ආරම්භ කළ මහපොළ උසස් අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය නැවත දියත් කිරීමට අමාත්‍යවරයා දුන් පොරොන්දුව අනුව, එම ප්‍රදර්ශනය ලබන දෙසැම්බර් මස 13 වනදා සිට 17 වනදා දක්වා ජා-ඇල නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03