අගමැති මෝදි ප්‍රහාරක ජෙට් යානයක නැගී ගුවන් සංචාරයක (ඡායාරූප)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රහාරක ජෙට් යානයක නැගී සාර්ථක ගුවන් ගමන් සංචාරයක් සිදුකර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ නිෂ්පාදිත ‘තේජාස්’ නැමැති සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා මෙම ගුවන් සංචාරය සිදුකර ඇති බවයි.

බැංගලෝර් හි පිහිටි ආරක්ෂක මූලස්ථානයක් වෙත අද (25) පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහි දී මෙම අත්දැකීම ලබාගත් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම එම මූලස්ථානයේ පිහිටි නිෂ්පාදන කම්හලේ සිදුවෙමින් පවතින කටයුතු නිරීක්ෂණයට ද අග්‍රාමාත්‍යවරයා එක්ව තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය මෝදි සිය ගුවන් අත්දැකීම සම්බන්ධයෙන් ඔහුගේ නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ මෙවැන්නක්.

“තේජාස් යාත්‍රාවේ මෙහෙයුමක් සාර්ථකව නිම කළා. අත්දැකීම ඇදහිය නොහැකි තරම් පොහොසත් එකක්, අපේ රටේ ස්වදේශික හැකියාවන් පිළිබඳ මගේ විශ්වාසය සැලකිය යුතු ලෙස ඉහළ නැංවුනා, අපගේ ජාතික හැකියාවන් පිළිබඳ අභිමානය සහ ශුභවාදී හැඟීමක් මට ඉතිරි කළා.”

මේ අතර ඉන්දීය ගුවන් හමුදාව දැනට තේජාස් MK-1 ගුවන් යානා 40ක් නිෂ්පාදනය කර භාවිතයට ගැනෙනවා.

F wvlp2XEAAF9Ls
F wvlp1XkAAS4AP
F wvlpzWwAArNJB
F wvlp1WAAIyK4s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13