රාජ්‍ය සේවකයින්ට වැඩි කළ දස දහසෙන් පන්දහසක් ජනවාරියේ සිට

රාජ්‍ය සේවකයින් සඳහා 2024 අයවැයෙන් යෝජනා කළ රුපියල් දස දහසක වැටුප් වැඩිවීමෙන්, රුපියල් පන්දහසක් ජනවාරි මාසයේ සිට ලබාදීමට අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා අද (25) මේ බව සඳහන් කළා.

ඒ අනුව ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මෙලෙස රුපියල් පන්දහසක් ලබාදීමට අවධානය යොමුව ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ හැට පන්දහසක් අවශ්‍යවන බවයි සඳහන් කළේ.

එමෙන්ම විශ්‍රාමිකයන් සඳහා 2024 අයවැයෙන් යෝජනා කළ රුපියල් 2,500ක වැඩිවීම ද ජනවාරියේ සිට ලබාදීමට යෝජනා වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඒ, සඳහා ද මසකර රුපියල් ලක්ෂ දහ අටදහසක මුදලක් අවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

2024 අයවැයෙන් රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් යෝජනා කළ අතර, එය 2024 අප්‍රේල් මාසයේ සිට ලබාදීමටයි රජයේ අවදානය යොමුව තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26