ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

පාකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර ඇති බවයි වාර්තා වනවා.

මේ වනවිට 34 හැවිරිදි වියේ පසුවන ඉමාඩ් වසීම් සමාජ මාධ්‍යවල සටහනක් තබමින් සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

ඉමාඩ්, වමත් දඟපන්දු යවන්නෙකු සහ පසු පෙළ පිතිකරුවෙකු ලෙස පාකිස්ථානය වෙනුවෙන් එක්දින තරඟ 55ක් සහ විස්සයි විස්ස තරඟ 66ක් ක්‍රීඩා ක්‍රීඩාකර තිබෙනවා.

මෙම වසරේ අප්‍රේල් මාසයේ දී නවසීලන්තයට එරෙහිව රාවල්පිණ්ඩි හිදී පැවැති විස්සයි විස්ස තරගයක දී ඔහු සිය අවසන් ජාත්‍යන්තර තරගයට එක් වුණා.

සිය සමුගැනීම ප්‍රකාශ කරමින් ඉමාඩ් වසීම් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

“පසුගිය දිනවල මම මගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ගැන බොහෝ දේ සිතමින් සිටි අතර, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශ කිරීමට දැන් සුදුසුම කාලය බව මම නිගමනය කළෙමි. මම කැමතියි වසර ගණනාවක් පුරා දැක්වූ සියලු සහයෝගයන්ට පාකිස්ථාන ක්‍රිකට් ආයතනයට ස්තූති කරන්න, පාකිස්ථානය නියෝජනය කිරීමට ලැබීම ඇත්තෙන්ම ගෞරවයක්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05